මේ දිනවල පැතිරෙන ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පිලිබද බිය විය යුතු නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්

0
75
මේ දිනවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්වය සාමාන්‍ය රෝගී තත්වයක් බවත් නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර මගින් එම තත්වය සුව කල හැකි බවත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
මේ දිනවල විටින් විට වෙනස් වන කාලගුණ තත්වයන් මේ ආකාරයෙන් වෛරසය ව්‍යාප්ත වීමට මූලික හේකව වී ඇති බවයි වෛද්‍ය බණ්ඩාර මහත්මයා පවසන්නේ. මේ වෛරසය භයානක වෛරසයක් නොවන බවත් වෛරසයෙන් ආසාදනය වීමෙන් වැලකීම සදහා වෛරසය වැලදුන පුද්ගලයන්ගෙන් ඈත්වී සිටින ලෙසටත් පවසන වෛද්‍ය බණ්ඩාර වැඩි දුරටත් පවසා සිටින්නේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශ මගින් වෛරසය සම්පූර්ණයෙන් පාලනය කිරීම සදහා අවශ්‍යවන පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව මෙරටට පැමිණෙන විදේශිකයනට මෙම වෛරසය ආසාදනය වී ඇත්දැයි ගුවන් තොටුපලේදී පරික්ෂා කිරීමද සිදුවන අතර මෙම වෛරසයට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍යවන සියලුම බෙහෙත් වර්ග මේ වන විට සියලුම රෝහල් වෙත සපයා ඇති බවයි වෛද්‍ය බණ්ඩාර මහතා පවසනවා.
එලෙසම වෛරසය ආසාදිත රෝගීන්ගෙන් ලබා ගන්නා රුධිර සාම්පලයන් වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් යොමු කෙරෙනු ඇති.
මෙම වෛරස් තත්වය මෙරටින් මුලින්ම වාර්ථා වී ඇත්තේ නුවර,කිලිනොච්චිය හා බිබිලේ ප්‍රදේශයෙන් වන අතර මාර්තු මාසය තුල පමණක් වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත රුධිර සාම්පල 1548ක් පමණ ලැබී අැති අතර ඉන් 528ක් පමණ මෙ වෛරස් තතවයන් ආසාදිත බවද හෙලිවී තිබෙනවා.
man-coughing.jpg.653x0_q80_crop-smart
www.dailymirror.lk ඇසුරිණි.