මේ රටේ ඇති නිදහසේ තරම ගැන ”අරුණ” කියපු හැටි….

0
216

දමිළ මුස්ලිම් ජනයාට බලපාන ප්‍රධාන ප්‍රශ්ණ කිපයක් මුල්කොට ගෙන පසුගිය 03 වනදා පොතුවිල් නගරයෙන් ගමන් ආරම්භ කළ විරෝධතා ගමනෙ තෙවෙනි දිනය නිමා කරමින් අද සවස් වරුවේ මුලතිව් වෙත ලගා වි තිබුණි.

පොලිස් බාධාකිරිම් මැද ඉදිරියට ඇදුන මෙම විරෝධතා ගමන සහය පළකරමින් විශාල ජනකායන් එක්ව සිටිය අතර විරෝධතා ගමන සිදුකරන මගදෙපසද විශාල ජනකායක් එක්වෙමින් සිය සහය පළකර තිබුණි.

මේ අතර මේ ගැන අරුණ පුවත් පත මුල්පිටු පුවතක් පළකරමින් පවසා තිබුනේ නිදහස වර්ජනය කර පෙළපාලි ගිය සුමන්තිරන්ලාට නඩු යැයි කියාය

අධිකරණ නියෝග නොතකා විරෝධතා පෙළපාළි ගිය එම්.ඒ. සුමන්තිරන්, රාසමානික්කම් චානක්‍යයන්, චාල්ස් නිර්මලනාදන්, තවරාසා කලයිඅරසන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලකයන් 50ක පමණ පිරිසකට එරෙහිව නඩු දැමීමට කටයුතු කරන බව පොලිසිය පවසන පවද අරුණ පුවත්පතේ මුල්පිටු පුවතක් ලෙසින් වාර්තා කොට තිබුණි.

මේ රටේ ඇති නිදහසේ තරම ඉතා කදිමට අරුණ පුවත මගින් හෙළිදරව් කර තිබේ