මේ විසල් ගස කැපුනේ අවධානමක් නිසාමද ?

0
192

IMG-20200210-WA0029

 

පසුගිය දිනවල මීගමුවේ ප්‍රධාන වීදියේ මහ ගසක් බිමදමා කෑලි වලට කපාදමා තිබින . පාරේ යන එන ජනතාව ” මේක හෙන ගහන අපරාධයක් යැයි ” කියමින් කරන කතාබහ අපට ඇහෙන නමුත් එය මේ කටයුත්ත ට සහභාගී වන අයට නෑසෙන බව අපි දනිමු .
ගස් වැවීමේ ඉතිහාසය දිගු එකක් වුවද ගස් කැපීමේ ඉතිහාසය කෙටිය.
රාජපක්ෂ උද්‍යානය තුළ තිබුනු විසල් මාර ගස්වල සිට මේ කපාදමා ඇති නුග ගහ දක්වා ඇති මෙම කෙටි ඉතිහාසයයි.
මේ විසල් ගස කැපිමට හේතුව දැනට වාර්ථා වන අන්දමට මාර්ග සංවර්ධන කමිටුව හා පොලිසිය විසින් දිගින් දිගටම කරන ලද ඉල්ලිමක ප්‍රථිපලයකි.
මෙහි සැබැවින්ම අවධානමක් තිබුනේද? ඒ අවධානය කළමණාකරණය කරගැනිමට මුලු ගසම කැපිය යුතුව තිබුනේද යන්න දැනටමත් මතුව ඇති ගැටළු කිපයකි.
අවධානම කළමණාකරණය කළ යුතුමය. එහෙත් ඒ සදහා ඇති වියදම් අඩු පහසුම ක්‍රමය ගස කැපිම නම් එය සරල පිළිතුරක් නොවනු ඇත.
|මේ අකාරයෙන්ම මිට කලකට ඉහතදි ආර්ෆිකෝ අසල පිහිටි ව්‍යාපාරික ස්ථානයක් අසල පිහිටි විශාල ගසක් කපා දැමුණි.
හේතුව ලෙස රථවාහන පොලිසියේ නිළධාරින්ද කියා සිටියේ එය පාරට අවධානමක් ඇති ගසක් බවය.
කෙසේ වෙතත් මේ ගස කැපිමෙන් ඒ අසල පිහිටි ආදාල ව්‍යාපාරික ස්ථානය නම් කළ එලි වි හොද හැටි පේන්නට පටන් ගෙන තිබුණි.
මේ අතර නගර මධ්‍යයේ පිහිටි මිගමුව නාගරික වෙළද සංකිර්ණයේද කොට්ටන් ගස් 2 කක් කපා දමා තිබුණි. ඒ මැතිවරණය වෙනුවෙන් වෙළදුන්ගේ හිත ගැනිම සදහා නගරාධිපති දයාන් ලංසා විසින් ඒ භුමිය කාපට් කිරිමට කටයුතු කර තිබිම නිසාය. සෙවන දුන් ගස් කපා කාපට් අතුරා මිගමුව නාගරික වෙළද සංකිර්ණයේ වෙළදුන් කැදවා එහි උත්සවයක් පවත්වා එය යලිත් වරක් විවෘත කිරිමටද පියවර ගෙන තිබුණි.
මැතිවරණය නොතිබුණි නම් කොට්ටන් ගස් දෙකම බේරෙනු ඇත.