Citizen Page මේ හරක් කාගෙද ? By fgamage - 2018 May 27 0 351 FacebookWhatsApp අයාලේ යන හරකුන් නිසා මගී ජනයා අපහසුතාවයට පත්වූ අවස්ථා ගැන අප මීට පෙරද අප වෙබ් අඩවියේ සඳහන් කළෙමු. එවැනි තවත් අවස්ථාවක් ඇස ගැටුනේ මීගමුව පරණහලාවත පාරේ ශාන්ත පීතර දේවස්ථානය ඉදිරිපිට දීය. රිසිසේ පාරපුරා ඇවිදිමින් උලාකමින් , සමහර හරක් පාර මැද සිට වාහන නතරකරමින් හැසිරෙන මේ දර්ශනය තුළ පෙන්නුම් කරන්නේ හරක් ගතියයි. මෙහිදී මේ සතුන්ට බැනවැදී වැඩක් නැත. මන්ද අපකියන කිසිවක් උන්ට නොතේරෙන බැවිනි. ඒනිසා උන් ඉවත්වනතුරු අප ඉවසා සිටිය යුතුය. ප්‍රශ්ණය වන්නේ මිනිස්සුන්ටත් මේගැන නොතේරෙන්නේ ඇයිද? කියාය. තම හරක් අයාලේ යවා බලාසිටින අයිතිකරුවන් කොහේ හෝ ඇවිද බඩපුරවා ගැනීම පමණක් අරමුණු කරගන්නා අතර පාරේ ගමන්කරන අය ගැන කිසි තැකීමක් නොකරයි. මෙහිදී දඩුවම් කළයුත්තේ හරකුන්ට නොව අයිතිකරුවන්ට බව පැහැදිළිය. මේ සදහා අදාල ආයතන සහ නිලධාරීන් සිටින බව හරක් නොදනිතත් අයිතිකරුවන් දැන සිටිය යුතුය.