මෛත්‍රීට කැබිනට් ඇමතිධුරයක් ?

0
113

Sri Lanka's newly elected president Maithripala Sirisena waves to supporters as he leaves the Election Commission office in the capital Colombo on January 9, 2015.  Maithripala Sirisena will be sworn in as Sri Lanka's new president January 9 after the strongman incumbent Mahinda Rajapakse conceded defeat in a bitterly fought election, brought down by charges of corruption and growing authoritarianism.   AFP PHOTO / ISHARA S. KODIKARA        (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇති ඒ.එච්.එම්. ෆවුසි මහතා මේ වනවිට පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා ඇති නිසා ඔහු වෙනුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පත් කිරීමට තීරණය කර ඇතැයි විමල් විරවංශට අයත් ලංකා සි නිව්ස් වෙබ් අඩවිය සදහන් කර තිබේ.

ෆවුසි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇති අතර එම ලිපිය ලැබුණු බව ඊයේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇතැයිද එහි සදහන්ය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට කටයුතු සූදානම් කරමින් ඇති අතර ඔහු පාර්ලිමේන්තු පැමිණි පසු කැබිනට් ඇමති ධූරයක්ද හිමිවනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ අතර ඒ එච් එම් ෆවුසි මහතා සඳහන් කරන්නේ තමන් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවයි.

මැතිවරණ කොමිෂන් සභාව ද සඳහන් කරන්නේ අධිකරණ නියෝගයක් ලැබුණහොත් නව මන්ත්‍රීධුරයක් පත් කිරීම අත්හිටුවීමට තමන්ට සිදුවුණු බව වැඩිදුරටත් එම වෙබ් අඩවිය විසින් හෙළිකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here