මෛත්‍රී නිසා දුප්පතුන්ගේ නිවාස ගිණිබත් කරලා

0
98

10487217_832113380164730_7272540262092676368_n

බෝලවත්ත බටහිර කම්මල කදුරුවැල්ල වත්තේ නිවාස කීපයක් පසුගියදා එහි පැමිණි නාදුනන පිරිසක් ගිණිතබා විනාශ කර ඇතැයි වෙන්නප්පුව ප්‍රදේශිය සභා මන්ත්‍රි ශෙරොන් ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම කදුරුවැල්ල වත්ත ප්‍රදේශයේ ඉඩම නොමැති ජනතාවට බෙදාදීම තමන්ගේ දැඩි උත්සහය මත සිදු කර එහි ඉතා ද්‍රරිද්‍රතාවයෙන් හා අසරණ පවුල් 60 ක් එහි පදිංචි කලත් එහි ජනතාවට අවැසි පහසුකම් සලසාදීමට තමන් දැරු උත්සහයට දිගින් දිගටම බාදා එල්ල වීම හේතුවෙන් එහි ජීවත් වු ජනතාව එම ඉඩම අත්හැර ගියත් කිසිම පිළිසරණක් නොමැති පවුල් කීපයක් දැඩි දුෂ්කරතා මාද්‍යයේ එහි ජීවත් වුවත් එම නිවාස කීපයත් ගිණිතබා විනාශ කිරිම ඉතා නින්දිත බව මන්ත්‍රිවරයා පවසන ලදී.
මේ සිදුවීම වුනේ මම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වි විපක්ෂයෙ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහත්මයාට සහය දි දින දෙකකට පසුවයි යනුවෙන්ද මන්ත්‍රිවරයා පැවසීය අපේ දේශපාලනය නිසා අසරණ මිනිස්සුන්ට හිරිහැර කිරිම ඇත්තෙන්ම පිළිකුල් සහගතයි එම ඉඩමේ පදිංචිව සිටි නම හෙළි කිරිමට අකමැති වු එක්දරු පියෙක්…අපිට ඉන්න හිටින්න තැනක් තිබුනේ නැ, මීට වසර දෙකකට පෙර තමා මේ ඉඩම බෙදලා දුන්නේ මේකට ප්‍රදේශයේ දේශපාලන නායකයන් සියලුම දෙනා අවා අපිට බොහෝ පොරොන්දු දුන්නා මේ ඉඩම ඉතා දුෂකර තැනක තියෙන්නේ එත් ජීවත් වෙන්න බිම් අඟලක් නැතුව හිටපු අපට මේක ලොකු සම්පතක වුනා එත් පසුකාලිනව මේ ඉඩමට ලොකු ප්‍රශ්න අවා එදා ආපු දේශපාලන නායකයෝ අපි ගැන හොයලා බැලුවේ නැ එත් අපේ ප්‍රදේශයේ ඉන්න ශෙරොන් මන්ත්‍රිතුමා ලොකු උත්සහයක් ගත්තා මේ ඉඩමට පහසුකම් අරන් දෙන්න අපිට දරුවෝ ඉන්නවා එතනෙ ඉන්න අපහසු නිසාම දැන් මේ අපේ ඥාතියෙකුට අයිති ගෙදරක අගුපිලේ වහලක් ගහගෙන ඉන්නේ ශෙරොන් මන්ත්‍රි තුමා අපිට කිවා එයා කොහමහරි මේ ඉඩමට පහසුකම් අරන් දෙනාවා කියලා ඒ නිසායි අපි හදගත්තු ගේ දාලා තාවකාලිකව මෙතන්ට අවේ එත් අපි නිතරම එතනට යනවා එනවා එත් දැන් බොහෝ අමරුවෙන් හදාගත්තු ඒ ගෙවල් පුච්චලා දාලා අපි දුප්පත් අසරණ මිනිස්සු ලොකු අයගේ දේශපාලන අමනාපකම් වලට අපිව මැදි කරගන්න එපා.

සටහන සහ ඡායාරූප – චන්දන ප්‍රනාන්දු
10610904_832113356831399_622760510584745256_n 10858636_832113333498068_5380087689599512049_nhttps://www.facebook.com/kumari.fernando.14?sk=approve&highlight=832113473498054&log_filter=review&queue_type=friends&notif_t=tagged_with_story

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here