Saturday, October 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home News මොණරාගල දෙදෙනෙකුට කොරෝනා

මොණරාගල දෙදෙනෙකුට කොරෝනා

0
247
lk_monaragalaමොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා වැළදී ඇතැයි සැකකළ පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණ වලදි ඉන් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති බවට අද (13) තහවුරු වූ බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි.පි.කේ අධිකාරි මහතා පවසා ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.ඒ මහතා තවදුරටත් පවසන්නේ පි.සි.ආර් පරික්ෂණ සදහා යොමුකළ ඉතිරි තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වැළදී නැති බවට අනාවරණය වූ නමුත් ඉතිරි දෙදනාගේ පරික්ෂණ වාර්තා මෙතෙක් නොලැබුණු බවයි.මෙම කොරෝනා රෝගය වැළදී ඇති බවට සැකකළ රෝගින්ගේ ජෛව පටල සාම්පල වෛද්‍ය පරික්ෂණ සදහා යොමුකර ඇත්තේ ඉකුත් 10 වැනිදාය.

කොරෝනා රෝගය වැළදුණු පුද්ගලයන් දෙදෙනා සියඹලාණ්ඩුව විලඔය හා බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

ඔවුන් දෙදෙනාම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ ආරක්ෂක අංශ නිළධාරින් බවත් සෞඛ්‍ය අංශ පවසයි.

මේ අනුව කොරෝනා රෝගින් සෘජුව ඇසුරු කළ පුද්ගලයන් 8දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය වෙතත් තවත් පුද්ගලයින් 60 දෙදෙනකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරිමට මොණරාගල සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.
මුලාශ්‍රය – ලංකාදිප

Exit mobile version