මොද මසුන් වගාකරුවන්ගේ සංවිධානයේ සංවත්සරය

0
85

IMG-20191205-WA0027IMG-20191205-WA0029PIMG-20191205-WA0032

මීගමුව කලපුවේ කූඩු තුළ මොදා මසුන් ඇතිකරන ධීවර ජනතාවට ඒ තුළින් විශාල ආදායම ක් ලබාගැනීමට හැකියාවක් ලැබිණ .මේ වනවිට මුන්නක්රය , සිරිවර්ධන පෙදෙස , පිටිපන, කුරණ අාදී ප්‍රදේශවල ධීවර ජනතාව කූඩු තුළ මසුන් වගාකිරීමට යොමුවී ඇති අතර ඔවුන්ගේ සංවිධානයේ සාමාජිකත්වය 70 ක් පමණවේ.
මෙහිදී ප්‍රධාන කටයුත්තක් වූයේ නව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමයි. අද පැවැත්වෙන මෙම සංවත්සරය සඳහා ඉහත ප්‍රදේශවල සිටින සියළු සාමාජිකයින් සහභාගී විය . එමෙන්ම සහකාර ධීවර අධ්‍යක්ෂක බණ්ඩාර මහතා , ජලජීවී ආයතනයේ මහින්ද මහතා සහ ධීවර පරීක්ෂක මහත්වරු දෙදෙනකු ද , සිරිකුරුස දේවස්ථානයේ මනෝජ් කුමාර් ප්‍රනාන්දු පියතුමාද සහභාගී විය .
මෙහිදී සහකාර ධීවර අධ්‍යක්ෂක බන්ඩාර මහතා ධීවර ජනතාවගේ ගැටළු පිළිබඳව මෙන්ම සංවිධානය වීමේ වැදගත් කම පිළිබඳව අදහස් දක්වන ලදී . එසේම ජලජීවී ආයතනයේ මහින්ද මහතා කූඩු තුළ මසුන් වගාකිරීමේදී අවධානය දියයුතු කරුණු පිළිබඳ පැහැදිළි කිරීමක් කරන ලදී .
මීගමුව මොදා මසුන් ඇති කරන ග්‍රාමීය ධීවර සංවිධානයේ 4වන සංවත්සරය අද මුන්නක්රය චමින්ද උත්සව ශාලාවේදී පවත්වන ලදී .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here