මෝයකට අසල පාවෙමින් ඇති බෝට්ටුවක් ධිවරයන්ව අවදානමේ හෙලයි !

0
72

IMG-20200103-WA0020මීගමුව මෝයකට සහ මහපාලම අතර අබලන්ව ගිය බෝට්ටුවක් පාවෙමින් තිබෙන බවට අපට තොරතුරක් ලැබින . පසුගිය දිනවල මෙම බෝට්ටුව මෝයකට ආසන්නයේ නැලැල්ල ( ජලය අඩු බිම් තීරුව) උඩට ගසාගෙන ගොස් තට්ටුවී අැත. පසුව ධීවරයින්ට මෙය බාධාවක් වු බැවින්, ඔවුන් එකතුවී බෝට්ටුව දියඹට තල්ලුකර ඇති අතර ගනැවත මෙය පහලට තල්ලුවී ග එහි ඇති නැලැල්ලේ තට්ටු වී ඇත .
මේ පිළිබඳව ධීවරයෙකු අප සමඟ ප්‍රකාශකළේ මෙය වඩදිය බාදිය අනුව ඒ මේ අත පාවෙන නිසා කරදරකාරි එකක් බවය. ඒ අනුව යම් ආකාරයකින් දැනට ගැටගසා ඇති ලනුව සහ ලීය ගැලවී ගොස් පාලම යට හිරවුවහොත් එය විශාල කරදරයක් වියහැකි බවය.
. මේ වනවිටත් සති දෙකකට වැඩි කාලයක් ගතවී ඇති නමුත් ආසන්නයේ සිටින රාජ්‍ය ආයතන වලින් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නැත . මීගමුව ධීවර කාර්‍යාලය , නාවික හමුදාව සහ ධීවර සමිති මේ සියල්ලක්ම තිබියදී මෙම අබලන්ව ගිය බෝට්ටුව මෙසේ තිබීම ලජ්ජාවට කරුණක් බව කිවයුතුය .