මෝය හාරා වැලි විකුණුවාට දූවේ ජනතා විරෝධය !

0
55

IMG-8ea0845c9ead8ec96c3a93314138a413-V(1)මීගමුව දූවේ ජැටියට අසල මේ දිනවල වැලි පිරි තිබිම හේතුවෙන් බෝට්ටු නිසි අයුරින් නවතා ලිමට නොහැකිව ඇත.මේ නිසා ඒ වැලි යම්ප්‍රමාණයක් එතනින් ඉවත් කිරිමට අවැසිව තිබුණි.මේ කටයුත්ත සදහා රජය සල්ලි නැතැයි කියමින් ඒ කොන්ත්‍රාත්කරුවෙකු හට ලබා දි තිබුනේ වැලි ඉවත් කිරිමේ වියදම වැලි විකුණා ලබාගන්නා ලෙස කියමිනි.
මේ අනුව ක්‍රියාත්මක වු කොන්ත්‍රාත්කරු මෝය හාරන්නට පටන් ගති.IMG-49d42921741de19ffb6cc2457cec9039-V(1)
වැලි කැපිල්ල ජයටම කෙරෙන අයුරු ගැන විමසිල්ලෙන් සිටි දූවේ ජනයා  කියා සිටියේ තමන්ගේ බෝට්ටු නවතාලිමට ඉවත් කරගත යුතුව තිබුණ වැලි ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් දැන් වැලි ඉවත් කෙරෙමින් පවතින නිසා මෙය වහා නවතා ලිය යුතු බවය.IMG-a2c22c8583b83b167a3fc6198b895a02-V(1)
ඒ අනුව ක්‍රියාත්මක වු පල්ලියේ පියතුමා ත් ජනතා නියෝජිතයන් කිපදෙනෙකුත් දුන්ගාල්පිටිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබුණ අතර එහි පැමිණ සිටි අදාල කොන්ත්‍රාත්කරුත් සමගින් සාකච්ජා කිරිමෙන් අනතුරුව වැලි හැරිමට  නවතා ලිමට කටයුතු යොදා තිබුණි.