මෝර වලේ අරුණලාටත් අමතක වුන සුජිත්ලාගේ බඩගින්න ..?

0
84

අරුණ කියල කියන්නේ ධිවර අයිතින් වෙනුවෙන් අරගල කරපු අපිත් කාලයක් තිස්සේ දන්න රැඩිකල් පොරක් . අරුණගේ ගේ තියෙන්නෙත් මෝරවලේම තමයි .හැබැයි දැන් ඉතින් හැම අතකින්ම ආරක්ෂිතයි වගේ.

සුජිත්ලාගේ ගෙවල් තිබුණෙ මේ අරුණලාගේ ගෙවල් වලට අඩි කිපයක් එහායින්.
කොහොම හරි අරුණලත් කියන විදියට සුජිත්ලාට ගෙවල් පවා අතහැරල පාරට බහින්න වුනේ මේ ෆෝට් සිටිය හින්ද .මුහුදු ඛාදනය දරුණු වෙලා මෝරවලම හාරල දාන්න තරම් ඒ ඛාදනය බලවත් වෙලා තිබුන.

ඉතින් අවතැන් වුන සුජිත්ලා කලපුව ලග පැල්පතක් අටවගත්ත .උසාවි නියෝග අරගත්තු පුදුම ගංකාරයෝ දෙතුන් දෙනෙක් මේ පැල්පතත් කඩල දානවා.
යන එන මං නැතිවුන සුජිත්ලා ඊට එහායින් කුඩාරමක් අටවගෙන ඉන්න කොට පොලිසිය ඇවිත් ඒකත් කඩන්න කියල නියෝග දෙනවා .
අද ( පෙබ 02 ) උදෙන්ම සුජිත්ල ඒ කුඩාරම ගලවනව.
මේ ගැන සටහනක් ලියමින් ඉන්නකොට තමයි අරුණලගේ සමිතියේ හාල් බෙදිල්ල ගැන ෆේස් බුක් පිටුවේ සටහන දැක්කේ.
එකේ හැටියට සමිතියෙන් පිට නැතිබැරි අයටත් හාල් බෙදල වගේ.
ඇත්තටම මේ දවස්වල හැටියට හොද වැඩක් ..
හැබැයි යුක්තිය වෙනුවෙන් පෙනි ඉන්න ඒ වෙනුවෙන් පහුගිය කාලේ සටන් කරපු අරණල වගේ අයටත් සුජිත්ලාට වෙලා තියෙන ආසාධාරණය ගැන මතකයට ආවේ නැත්තේ ඇයි කියන අපට හිතුනේ නිකමට වගේ …

අඩුම තරමේ අසරණ වෙලා ඉන්න ඒ පවුලේ කිලෝ 5 හාල් බැග් එකක් දෙන්න.????

මේ පහලින් තියෙන්නේ හාල් බෙදපු අරුණ එයාගේ ෆේස් බුක් පිටුවට දාල තිබුණ සටහන….

කෝවිඩ් තත්වය හේතුවෙන් මෙවර පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ වාර්ශීක අවසාන මහසභා රැස්වීම පැවැත්වීමට නීති අවසරය නොලැබුනි. එහෙත් රැස්වීම අවසානයේදී වාර්ශීකව සමිතිය විසින් ලබාදෙන පෙබරවාරි මංගල්‍ය දීමනාව සාමාන්‍ය පරිදි සාමාජීක ධීවර මහතුන් 500ක් සදහා කීරි සම්බා සහල් කිලෝ 10ක් හා රු. 500/=ය බැගින් ලබාදුන් අතර ප්‍රදේශයේ තෝරාගත් සාමාජික නොවන ධීවර මහතුන් හා අඩු ආදායම් ලාභී පවුල් සදහා සහල් කිලෝ පහක් හා රුපියල් දෙසීය බැගින් බෙදාදුනි.

මේ සදහා ඊයේ දිනයේ මුලු වියදම රු. ලක්ෂ එකොලහමාරක් (රු.1,150,000/=) පමණ විය. මෙම කර්තව්‍ය සාර්ථකව සිදුකර ගැනීමට සහයෝගය ලබා දෙමින්, ඊයේ දිනයේදී කිසිදු ප්‍රශ්නයක් ඇති නොකර ඉතා ඉවසීමෙන් දීමනා ලබාගත් අප සමිතියේ සාමාජික මහතුන් හා දීමනා ලබාගත් සාමාජික නොවන ප්‍රදේශවාසී අනිකුත් සියලුම දෙනාට අපගේ කාරක සභාවේ ගෞරවය හා සිතුතිය පුදකරන අතර දුන්ගාල් පිටිය පොලීසියේ ස්තානාධිපති රනසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම කර්තව්‍ය සිදු කරනු ලැබීය.

එතුමා විසින් දැක්වූ සහයෝගයටද ධීවර ජනතාව වෙනුවෙන් අපගේ ගෞරවය හා ස්තුතිය පුදකර සිටිමු.

(උපුටා ගැනිම අරුණගේ ෆේසු බුක් පිටුවෙනි )