ම.රා.ගේ පෝස්ටර් ඉතාලියේ පන්සල් බිත්තිවලත් අලවලා……????

0
116

 

MR poster in Italyඉතාලියේ කතානිආ නගරයේදී මහින්ද රාජපක්ෂ කුණු බක්කියට දමයි යන මැයෙන් පසුගිය දිනක මා විසින් ප්‍රසිද්ධකරන ලද ප්‍රවෘතියේ වර්තමාන තොරතුරු.

විදේශීය රටක ජීවත් වන විට එම රටේ ඇති අභ්‍යන්තර නීති හා රීති පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීමට තරම් අප ශීලචාර විය යුතුය.

රටක අභ්‍යන්තර නීති පිළිබඳව අඩුම තරමින් අප තුල යම්තාක් මට්ටමක සාමාන්‍ය දැනුමක් තිබීමෙන් අප හට එදිනෙදා කටයුතු කර ගැනීමෙන් අන්‍යයන් හට බාධා පැමිණ වීම අවම කරගත හැක.ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලංකා වාසීන්ගෙන් බහුතරය එම අවබෝධය පිහිටා නැත.එහෙයින් අපටද,ඉතාලි ජාතීනටද හිරිහැර වීම නොවැලැක්විය නොහැක.

ඒ පිළිබඳව මා හට අවබෝධයක් හා අත්දැකීමක ඇත්තේ ,ඉතාලියේ නීතිමය දඬුවම් ලැබ සිරගතව සිටින විදේශිකයන් සඳහා ඔවුන් පුනුරුත්ථාපනය කිරීම සඳහා අදාල සිර ගෙවල් තුලට ඇතුළු වීමේ අවසරය,ඉතාලියේ උසාවියක ශ්‍රී ලාංකිකයෙකුගේ නඩුවකදී භාෂා පරිවර්තනය සඳහා ඇතුළු වීමට අවසරය,ඉතාලියේ විදේශ හා දේශීය කටයුතු භාරව ඇති පොලිසිය හා එක්ව කටයුතු කිරීමට ඇති අවසරය,යුරෝපා කොමිෂන් සභාවේ ශ්‍රී ලංකා නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම,ඉතාලියේ ත්‍රස්තවාදී කටයුතු සෙවීම් කිරීමේ පොලිසිය සමඟ කටයුතු කිරීමේ අවසරය හා වසට 17 ක් පමණ නීතිඥවරුන් 23 දෙනෙකුගෙන් සමන්විත කාර්යාලයක සේවය කිරීම තුලින් ,රටේ අභ්‍යන්තර කටයුතු හා නීතිමය පද්දතිය පිළිබඳව අවබෝධයක් ඇත.

පසුගිය දා ඉතාලියේ කතානිආ නගර තුල මහින්ද රාජපක්ෂ කුණු බක්කියේ යන කරුණ පිළිබඳව නැවතත් කතා කිරීමට සිදුවන්නේ,ඉහත පැහැදිලිව සඳහන් කළ රටක අභ්‍යන්තර නීති රාමුව නොදත් ගවයන් ගොන් වැඩ කිරීමෙන් අප ජාතිය වෙත ඇතිවන අනුවේදනීය ඉරණම පැහැදිලි කිරීම සඳහායි.

නගරයක් තුල දැන්වීම් ඇලවීමකදී හෝ රැස්වීමක් පැවැත්වීමේදී හෝ විරෝධී ව්‍යාපාරයක් පැවැත්වීමේදී හෝ අදාල නගරය තුල ඇති ඔෆීසිඕ කැබිනෙත්තෝ කාර්යාලය යෙන් හෝ අදාල නගරයේ නගර සභාවෙන්,ප්‍රාදේශිය සභාවෙන් හෝ පලාත් සභාවෙන් අවසරය ගතතුය.නගරයෙන් නගරයට එම කාර්‍යාල සේවාවන් වෙනස් වනු ඇත.එහිදී අවසරය ලැබැන්නේ යම් කිසි සීමාවකට සීමා කර මිස රට වටේම තාප්ප වල දැන්වීම් ඇඅලවිමට නොව.අවසරයක් නොමැතිව එසේ මනාපය පරිදි දැන්වීම් අලවන්නේ නම්,එය බරපතල වරදකි.

එහෙත් කතානිආ නගරයේ දේශපාලනය කරනවා යැයි කියාගන්නනා නූගත් පිරිසක් විසින් එවන් අවසරයක් හෝ නොලබ පසුගිය දිනක කතානිආ නගරයේ කුණු බක්කියට මහින්දව දමා ගොස් තිබුනි.එතනින් නොනැනවතී කතානිආ නගරයේ බෞද්ධයන් ගේ ද අබෞද්ධයින් ගේ ද ආදරයට හා ගෞරවයට පත් වූ කතානිආ බෞද්ධ විහාරයේ දිරිපිට ඇති ඉතාලි ජාතිකයන්ගේ නිවෙස් වලට අයත් තාප්ප වලද,ඉතාලි ටෙලිකොම් ආයතනය විසින් තනවා ඇති උපකරණ පෙට්ටි වටේටද අලවා,තමන් ජරාව අනුභවය කර,තැනින් තැන,අවැසි අවැසි අයුරින් අසූචි මල පහකර අනෙකුත් ශ්‍රී ලංකා ජනතාවගේද ශරීර තුල ගැල්වීමට උත්සාහයක යෙදී ඇත.

අද කතානිආ නගරයේ ඉතාලි ජාතිකයින් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවාසීන් සමඟ සහයෝගයෙන් ජීවත් වෙති,අපගේ සිතුම් පැතුම් අගය කරන්නෝ වෙති.එමෙන්ම භාෂාව නොදැනුනාට,අදාල ඉතාලි ජාතිකයන්ගේ නිවෙස් වල අලවා ඇති දැන්වීම වලින් ඔවුන් අනුමාන කලේ මෙය අදාල නිවෙස් ඉදිරිපිට ඇති බෞද්ධ මධ්‍යස්ථානය විසින් කළ අනුවන ක්‍රියාවක්යැයි සිතා,විහාරස්ථානයට විරුද්ධව අදාල කොට්ඨාශයේ පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

පැමිණිල්ල විභාග කරනු වස් පොලිස් නිළධාරීන් අදාල විහාරයට පැමිණ ගරුතර නායක ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න කර ඇත.උන් වහන්සේ විසින් පොලිසිය වෙත කරුනු පහදමින් වැඩි දුරටත් පවසා ඇත්තේ මේ හරකුන් විසින් විහාරස්ථානයේ දැන්වීම් පූරුවේද මේ අසම්ජ්ජාතී අසූචිය තවරා ගොස් ඇති බවත්,තොරතුරු අනුව,මද්‍යම රාත්‍රි යේදී මෙම දැන්විම් ඇලවූ පිරිස පිළිබඳව ඉඟියක් පොලිසිය වෙත ලබාදීමට කටයුතුකර ඇත.

මෙහිදී කතානිආ බෞද්ධ විහාරස්ථානයට හා බෞද්ධ බැතිමතුන් ද පහසුතාවයට පත්ව ඇත.එහිදී ගරුතර නායක ස්වාමීන් වහන්සේ අදාල පැමිණිල්ල කල ඉතාලි ජාතිකයින්ටද කරුනු පහදා තම කණගාටුව ප්‍රකාශ සිටි අතර,ඉතාලි ජාතිකයින්ද උන් වහන්සේට ඔවුන්ගේද කණගාටුව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ කරකියා ගන්නට දෙයක් නොමැතිව,ඉතාලියට පැමිණෙන බොහෝ දෙනෙකුගෙන් ඉතාම සුළුතරයක් පිරිසිදු දේශපාලන කටයුතුවල නියැලෙමින් සිටිති.එහෙත් අද වන විට මහින්ද රාජපක්ෂ ගේ අභාව පෙනි පෙනී රිලවුන් සේ විරිත්තමින් පනිමින් සිටින ඔලමොරොන්දම් කාරයෝ කතානිආ නගරයේ පමණක් නොව මිලානෝ නගරයේද,සෙසු අනෙකුත් නගර වලද සුළු වශයෙන් සිතිති.ඔවුන් වියරුවෙන් මෙන් කෝලම් නටන්නෝද,හරයක් නීතියක් නොදැන,දැන්වීම අලවමින් උඩු බුරන්නෝ වෙති.

3 වන වරටත් බලෙන් රටේ සම්පත් සූරාකන්නට වෙරදැරූ මහින්දව ගෙදර යවා ඇත.එදා පැරදුන පසු පැරදුටත් නොකියා පැන ගියාය.ජාති වාදය අවුස්සමින්,කොටියාව තම රෙද්ද අස්සේ සඟවා ගනිමින්,ඔවුනට ආරක්ෂා කරමින්,කොටින්ගෙන් ගත් රත්තරං ඔවුන්ගේ නැව් තමන්ගේ භාරයට ගනිමින්,එමෙ මුදල් විදේශ රටවල ආයෝජනය සඳහා යොදා ගනිමින්,තමන්ගේ ශරීරය සම්භාහනයක් කරගැන්මට ගල් ගුහාවල් තුල කෝටි ගනන් වියදම් කර කාමර කුටි තනමින්,ශ්‍රී ලංකන් ගුවන් සමාගම තම මස්සිනාට පවරා කම් සැප විදීමට එහිම සේවිකාවන් ලබා දෙමින්,කල විනාශය සුලුපටු නොව.

විශේෂයෙන්ම ඉතාලියේ පමණක් නොව ලෝකය පුරාවටම ජීවත්වන හා මහින්දට ආවඩන කතෝලික ජනතාවට මතක් කරදීමට දෙයක් ඇත.

අද දින ශ්‍රී ලංකාවේ කතෝලික ජනතාවගේ මුදුන්මල්කඩ ක් වන් තේවත්තේ දේවස්ථානයය විනාශ කිරීමට පිඹුරුපත් සෑදූවේද මහින්ද රාජපක්ෂ හා එම සහොදර සමාගම බැව් නුඹලා නොදන්නේද ?තේවත්ත පල්ලිය අලුත්වැඩියා කරන අවස්ථාවේදී එයට අප රටේ සංකෘතික හා පෞරාණික හා ජාතියකට ආඩම්බර විය හැකි යම් යම් කොටස් එක් කරන ලදී.සඳකඩ පහන,මුරගල්,සේසත් වලින් දේවස්ථාන අලංකාර විය.

බොහෝ බැතිමතුන්ගේ ජනාදරයට පත්වෙමින් සිටිය අවදියක මහින්දගේ සම්ප්රාප්තියට සමගාමීව රටේ ජනතාව ආගම් හා ජාතී වශයෙන් භෙද කර උන්ගේ පැවැත්ම සඳහා බොදු බල සේනාව නමින් ජාතී ආගම් වාදය අවුස්සන කුලී හේවායින් බිහිකළ අතර,ඔවුන් විසින් තේවත්තේ දේවස්ථානය විනාශ කිරීම සඳහා කටයුතු අරඹමින් මුහුණු පොත් හරහා පටන් ගත් අතර,එයට නැගී සිටීම සඳහා මා විශාල ප්‍රයතනයක් ගත් අතර,ඉතාලියේ නගර වල ඇති සියලුම බෞද්ධ විහාර වෙත විවෘත ලිපි යවමින්,ඒ මහා විනාශයට විරුද්ධව නැගීසිටීමට බල කලාය.හැබැයි කනගාටුවකට මෙන් එකම බෞද්ධ විහාරසථානයක්වත් ඇහුම්කන් නොදුන් අතර,මුහුණු පොත තුලින් මා දැවන්ත සටනක් කළ අතර අපට ජය ගැන්මට හැකිවිය.

එහෙයින් කාලකණ්ණ මහින්දට ආවඩාබෝ කීයා මොර දෙන කතෝලික ජනතාවගෙන් මට ඇසිය යුත්තේ නුඹලා ජාතක වූයේ සුළඟෙන්ද යන්නයි.

පසුගිය දින තමන් වටා අධි තක්සේරුවක එල්බ සිටින කතානිආ මෝඩ රිලවුන් විසින් කරන ලද්දාවූ මේ අනුවන ක්‍රියාව හේතුවෙන් බෞද්ධ සිද්ධස්ථානයට හා එම ස්වාමීන් වහන්සේට බරපතල ගැටලුවකට මුහුණ දීමට සිදු විය.

එඩිතර කමක් ඇත්තේ නම් උන් වහන්සේගේ නිර්දෝශ බාවයටත්,නුඹලාගේ අසම්ජ්ජාතික ක්‍රියාව පිළිබඳව වරද පිළිගෙන අදාල පොලිසිය වෙත ගොස් බාර වන්නැයි මා මතක් කරමි.

නුඹලා වැනි නරි රැල පවසන අන්දමට සෞභාග්‍යමත් සුන්දරවූ දේශයක් තිබුනා නම්….,මෙහි සිට සුද්දා ගේ පස්සා පැත්ත ලෙව කන්නේ අහවල් මගුලකට දැයි මට ගැටලුවකි.බුරුතු පිටින් මෙහි බැලමෙහෙවරකම් කරන නුඹලා,බුරුතු පිටින්මශ්‍රී ලංකාවට නොයන්නේ මන්දැයි මා අසමි.

තාරුණ්‍යයටහෙටක් යැයි පවසමින් තරුණියන් ගේ කම් සැප විඳිමින් ලැම්බෝර්ගිනි හා තම පෙම්වතියට එංගලන්තයෙන් අශ්වයෙකු ගෙන්වා නුවර ට යෑමට රජයේ වියදමින් හෙලිකොප්ටරය ලබා දුන් තාත්තා නුඹලාගේද ගැලවුම් කාරයා වූයේ කෙසේද.?

කොළඹ කච්චේරිය ගිනිබත් කර එහි තිබූ ඔපු වලට තමන්ගේ ඥාතීන් ගේ නමින් වටිනා දේපොළ පවරා ගත් විට නුඹලා ජයපැන් බොන්නේ කුමන අරුමයකටද….?

අරලිය ගහ මන්දිරයේ සතිය පුරාවටම දහස් ගනනක් ජනයා ගෙන්වා බත් පැකට් එකයි අරක්කු බාගයයි දී රට උගස් කරන විට නුඹලා නිදාගෙන සිටියේ මන්ද….?

ජාතියේ අභිමානය වූ කොළඹ කෞතුකාගාරය බිඳ දමා එහි වූ දුටුගැමුණු රජුගේ කඩුව සොරකම් කර පිය පුතු යුවල වජ්‍ර තම සුරතින් පිරිමදිමින් සිටින විට නුඹලා පස්සා කස කසා සිටියේ මන්දැයි මා අසමි.

අවසන් වශයෙන් මට කිවයුතු තවත් එක් දෙයක් ඇත.

ජාතියේ මුරගල වූද,ලෝක ප්‍රජාවේ ගරු බුහුlමන් ලබමින් වන්දනීය වූ ශ්‍රී දළදා මාළිගය නම් වූ ජාතියේ මව මහින්ද රාජපක්ෂ නම් වූ දූෂකයාද,ඔහුගේ සහෝදරයින්ද,ඔහුගේ පුතුන්ද,ඔහුගේ ඥාතීන්ද,හිත මිත්‍රාදීන් ද ද,වසලයන්ද,කුඩු කාරයින්ද වරින් වර විටින් විට දූෂණය කරමින් ප්‍රීති ප්‍රමෝද වන විට මේ දූෂණය කරන්නේ මාගේ මෑණියන් නොවේද ? මේ කෙලෙසමින් සිටින්නේ මාගේ දියණියන් නොවේද ? මේ ශාරීරික සුවය උන් ලබා ගන්නේ මාගේ සොයුරිය කෙලෙස මින් නේදැයි නොසිතා, නුඹලාගේ දෑස් වසා සිටියේ මන්දයි මම නුඹලා ගෙන් අසන්නෙමි.

එමිල් රෝහන් මිලානෝ සිට