යතුරු පැදි වලින් මාල කැඩු කල්ලියක් කොච්චිකඩේදි මාට්ටු..

0
68

යතුරු පැදිවලින් ගොස් මාල කැඩිම සහ කඩවලට ගොස් බඩු  සිගරට් ඉල්ලා කඩහිමියන්ගේ ගෙල බැදි මාල කඩාෙගන  යන 6 දෙනෙකුගෙන් යුත් කොල්ල කල්ලියක් කොටුකරගැනිමට පසුගිය දිනක කොච්චිකඩේ පොලිසියේ නිළධාරින් සමත් වූහ.
දාගොන්න ප්‍රදේශයේ 5 කින් සහ මාරවිල පදිංචි 1 අයෙකුගෙන් සමන්විත මෙම කල්ලිය විසින් කොල්ල කෑ මාල 21 ක් ඇතුළු තවත්  රන් භාණ්ඩ තොගයේ වටිනාකම රු ලක්ෂ 30 ක් ඉක්මවා තිබේ.
මීගමුව පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ සහ සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස් මහත්තරුන්ගේ මගපෙන්විම යටතේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති එල් කළු ආරච්චි අපරාධ මර්ධන අංශයේ ස්ථානාධිපති පො.ප වසන්ත මයා උප පො.ප මුදන්නායක,සහ පොලිස් කොස්තාපල් වරුන් වන ජයසූරිය,විජේසිරි,සනිල්,වික්‍රමසිංහ,කරුණාරත්න යන නිළධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදුවිය.

ජායා- M.Z.Shahajan