යතුරු පැදි සේවාව තුළින් රුපියල් ශත පරයා මතුවූ මිනිස් කම…..

0
464


Cleet motors යනු එම්. ක්ලීටස් ප්‍රනාන්දු මහතා⁣ගේ යතුරු පැදි හදන කාර්මික ආයතනයයි. කුඩා කළ සිට කාර්මික කටයුතු සඳහා දක්ෂතාවයක් දැක්වූ ක්ලීටස් මහතා එම සේවාවේ නියැලී මේ වනවිට වසර 35ක් පමණ කාලයක් ගතව ඇති බව ඔහු අප සමඟ පැවසීය. මෝටර් කාර්මික විද්‍යාව හොඳින් හදාරමින් එහි නිපුනයෙකු වූ ඔහු නිපුන වූයේ ඒ පිළිබඳව පමණක් නොව සමාජයේ පවතින හොඳ නරක යන දෙක පිළිබඳවද අවබෝධයක් ගොඩ නගා ගැනීමටද සමත්වී ඇත.

මා මේ ගැන එවැන්නක් පැවසීමට උනන්දු වන්නේ වසර ගණනාවක් මා පීඩාවට පත්කළ යතුරු පැදි හැදීමේ කරදරයෙන් මා මුදා ගත්තේ ඔහු බැවිනි. ඉන් ප්‍රකාශවන තවත් කරුණක් වන්නේ මෙතෙක් මා පීඩාවට පත්වූයේ අතේ ඇති මුදලින් එය නිසි ලෙස ඉටු කරගත නොහැකි වූ බැවිනි. ඒ මට හමුවූ යතුරු පැදි කාර්මික ශිල්පීන් වැඩි අවධානයක් දී කටයුතු කළේ රුපියල් ශත වලට පමණක් නිසාය. නමුත් ඉහත කී කාර්මික ශිල්පියාගේ මැදිහත්වීම මත අද මා එකී ගැටළුවෙන් නිදහස්වීම ගැන මෙම සටහන තබන්නේ එය වැදගත් අත්දැකීමක් වන බැවිනි.



මෙම සේවාව පිළිබඳව ක්ලීටස් මහතාගෙන් විමසා සිටි අවස්ථාවක ඒ ගැන ඔහු ප්‍රකාශ කළේ මෙවැන්නකි.
” දුප්පත් මිනිහෙක් මේ වගේ වාහනයක් අරගෙන නඩත්තු කරන්නෙ ගොඩක් අමාරුවෙන්. අද ලැබෙන ආදායම අනුව මේ තත්වය තවත් බරපතලයි. ඒ වගේ අයගෙන් අපි මුදලක් අයුතු ⁣විදිහට ගන්නව නම් ඒක පව්.”

” මම බොහෝ වෙලාවට මෙතනට එන අයට අතේ තියෙන මුදල අනුව තිබෙන දේම ප්‍රයෝජනයට ගන්න පුළුවන් නම් එ්ක නිසි විදිහට සකස් කරල ඒ අළුත්වැඩියා කිරීම් කරල දෙනව. ඒ්ක පුද්ගලයව එල්ල කරල විශේෂයෙන් කරන දෙයක් නෙවෙයි. “
ක්ලීටස් මහතාගෙන් සේවාව ලබාගත් ඕනෑම අයෙකු නැවත වෙනත් ස්ථනයකට නොයන්නේ දක්ෂ කාර්මික ඥාණය නිසා පමණක් නොව, ඔහු සතුව පවතින නිහතමාණීකම, ඉවසීම වැනි මානව ගුණාංග නිසාය. අප මෙම කෙටි සටහන තබන්නේද මුදල හඹායන සමාජයක මෙවැනි අතලොස්සක්වූ යහපත් මිනිසුන් සිටින බව පෙන්වා දීම සඳහාය. එසේම ඔබගේ දැන ගැනීම සඳහා ඔහුගේ දුරකතන අංකය සහ ලිපිනයද අප මෙහි සඳහන් කරන්නෙමු…..

ලිපිනය- 113/1/A
කිඹුලපිටිය පාර, මීගමුව.
දුරකතන අංක-0772733466/0763315753

ඡායා සහ සටහන – සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here