ජනවාරි 08 වෙනිදා රටතුල ස්ථාපිත කරනු ලැබු මෛත්රිපාලනය ස්ථාවර යහපාලනයක් ලෙසින් රටපුරා ස්ථාපිත කිරිමේ වගකිම් අගොස්තු 17 දා අගමැති රනිල් වික්රමසිංහ ප්රමුඛ මේ රටේ යහපාලනය ගැන විශ්වාස කරන නායකයන් හට පැවරි තිබේ.
පොදුවේ ගත්කළ මෙවර මැතිවරණය මෑත ඉතිහාසය තුල පැවැති සාමකාමිම මැතිවරණයයි. පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියාද සිදුව ඇත්තේ ඉතාමත් අවම වශයෙනි.
එහෙත් 89 යේ එජාප පාලන සමයේ අමන දේශපාලන සංස්කෘතියක් මේ රටට මුදාහල පිල්ලි කිපයක් යළිත් රටේ ඇතැම් ප්රදේශයන්හි එළි බහින්නට පටන්ගෙනය,
පසුගිය දිනවල වෙන්නප්පුව හා ආශ්රිත ප්රදේශවල සිදුවන්නට පටන්ගෙන ඇති යහපාලන විරෝධි ක්රියා පිළිබදව මේ රටේ සෑබැ නිතිගරුක පාලනයක් ගැන සිහින දකින සැමට පැවරි ඇත්තේ බරපතල වගකිමකි.
මෙහි වඩාත් අරුමය වන්නේ මේ වාර්ථා වන මැර ක්රියාවන්ට සමබන්ධ මැරයන් සහ ඔවුන් ගේ හාම්පුතුන් මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති රෙජිමය පළවා හරින්නට පසුගිය වසර 5 තුල කලේ මොනවාද යන්නයි.
නිරෝෂන් පෙරේරා මන්ත්රිවරයාගේ ප්රබල අධාරකරුවෙකු වු රෝහිත නැමැත්තා මැතිවරණ ජයග්රහණයෙන් පසු දිනම තමන්ගේ නිවස අසල පිහිටි වෙන්නප්පුවේ ඇල්බට් පිරිස් ක්රිඩාංගනයේ තාප්පය කඩා දමා ඇතැයි කියා ඔහුට එරෙහිව දැන් බරපතල චෝදනාවක එල්ල වි ඇත.
මේ චෝදනාව එල්ලව ඇති රෝහිත නැමැත්තා 1989 වසරේ එජාපයේ හිෂණ ඉතිහාසය තුල කුප්රකට චරිතයකි.
පැවැති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමිම සම්බන්ධයෙන් කිසිදු ක්රියාකාරි මැදිහත්විමක් පසුගිය කාලය තුල සිදුනොකළ අයෙකි.
දැන් බලයට පත්ව ඇත්තේ මේ රටතුල යහපාලනය ස්ථාපිත කිරිම සදහා වන මහජන බලවේගයක් සහිත ආණ්ඩුවක් මිස ජයග්රහණයේ වෙනස අතට ගෙන චණ්ඩියන් සේ කටයුතු කරන මජර පාලනයක් නොවේ.
රෝහිත මේ තත්වය හොදින් තේරුම්ගත යුතුව තිබේ.එමෙන්ම ඔවුන්ගේ හාම්පුතාලද එය දැනගත යුතුය.
වාර්ථා වන අන්දමට රෝහිත නැමැත්තාව අත්අඩංගුවට ගැනිමට වෙන්නප්පුව පොලිසිය තවමත් අසමත්ය,
මේ කරුණ අරභයා මහින්ද රාජපක්ෂ පාලනය සමය තුල එහෙම පිටින්ම බිද වැටුන නීතිය හා සාමය මේ රටතුල නැවත ස්ථාපිත කිරිමේ වගකිම බරපතල ලෙසින් පොලිසිය වෙත පැවරි තිබේ.
දේශපාලකයන්ගේ රුකඩ බවට පත්නොවි ස්වාධිනව නිතිය ක්රියාත්මක කළ හැකි වටපිටාවක් දැන් රට තුල ක්රියාත්මකය.
පොලිසිය මේ අයිතිය ප්රයෝජනයට තම බල ප්රදේශයන් හි නීතිය හා සාමය ස්ථාපිත කිරිමට මහත් වු උද්යෝගයකින් කටයුතු කළ යුතුව තිබේ.
එසේ නොවන්නේ නම් යහපාලනය අප දෙපතුල යටින් දොරේ ගලා යන දවස වැඩි ඈතක නොවේ.
ෆයස් ප්රනාන්දු-