මහ මැතිවරණයෙන් පසුව රජයේ පොදු දේපළක් වන වෙන්නප්පුව ශ්රිමත් ඇල්බට් ඇෆ් පීරිස් ක්රිඩාංගණයට අයත් දේපළකට හානි කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙක් අධිකරණයට භාර වීමෙන් පසු ලබන් 18 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට මාරවිල දිසා විනිසුරු සාලිය චන්න අබේරත්න මහතා අද 04 නියෝග කර ඇත.
මෙලෙස බන්ධනාගාර ගතකර ඇත්තේ වෙන්නප්පුව ප්රදේශයේ පදිංචි රෝහිත ප්රනාන්දු නැමති අයෙකි වෙන්නප්පුව ප්රාදේශිය සභාව මගින් පාලනය කරන ශ්රිමත් ඇල්බට් ඇෆ් පීරිස් ක්රිඩාංගණයට අයත් තාප්පයක් කිසියම් පිරිසක් පසුගිය 17 වෙනිදා පැවති මැතිවරණයෙන් පසු කඩා දැමිම සම්බන්ධයෙන් ප්රදේශිය සභා බළධාරින් විසින් වෙන්නප්පුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදු කල පරික්ෂණයකින් අනතුරුව සැකපිට අත් අඩංගුවට ගැනිමට සිටියදි ඉහත පුද්ගලයා අධිකරණයට බාර වි ඇත, මේ පිළිබඳව අදහස් දක්වන මද්යස්ථ දේශපාලන මතධාරින් පවසන්නේ යහ පාලනය තුල මේ අකාරයෙන් හෝ නීතිය ක්රියාත්මක වීම යහපත් ප්රවණතාවයක් බවයි
චන්දන ප්රනාන්දු