යහපාලනයට සිග්නල් දමා ”මරා”ගේ පැත්තට හරවන්න යන මීගමුව පොලිසිය?

0
37
????????????????????????????????????

????????????????????????????????????

මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ ට මීගමුව මහනගර සභා පරිශ්‍රය තුලදි මුහුණු ආවරණය කරන කොට වැහි කපා පැළද අංක තහඩු රහිත යතුරු පැදියකින් පැමිණ පොල්ලකින් පහර එල්ල කිරිමේ සිද්ධියට එළඹෙන සැප්තැම්බර් 02 වෙනිදාට මාස 3 ක් පිරිමට නියමිතය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ මැදිහත්විමටද මාධ්‍ය හරහා නිරන්තරයෙන් මතුකරන්නට යෙදිමද හේතුකොටගෙන යහාපලනයට සිග්නල් දමමින් මිගමුව පොලිසිය පැය 48 ක් යන්නට මත්තෙන් පහර එල්ල කරන්නට යෙදුන මැරයන් දෙදෙනා අත්අඩංගුවට ගන්නට කටයුතු කර තිබුණි.
මැරයන් විසින් එල්ල කරන්නට යෙදුන මෙම ප්‍රහාරය ඉතා පැහැදිලි ලෙසම මීගමුව උප නගරාධිපති දයාන් ලංසාගේ සැලැස්මක් බවට කරුණු ඕනැවටත් වඩා ඔප්පු වි තිබියදි මෙම ප්‍රහාරයේ මහමොළකරු අත්අඩංගුවට ගන්නට මීගමුව පොලිසිය කිසිදු සාධනීය මැදිවත්විමක් කරන බව පෙනුනේ නැත.
මෙය ඉතා හොදින් තේරුම්ගත් මීගමුව ප්‍රධාන මහේස්‍රාත් රුචිර වැලිවත්ත මහතා ප්‍රහාරයෙන් සති 5 ක් ගෙවුණ තැන මීගමුවේ පොලිසියේ පරික්ෂණ කටයුතු සිදුකරන අන්දම ගැන කිසිසෙත්ම සෑහිමටත පත්විමට නොහැකි බව අධිකරණය තුලදි ප්‍රකාශ කරමින් නියෝගයක් නිකුත් කරන්නට යෙදුණි.
එනම් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අධික්ෂණය යටතේ පරික්ෂණය සිදුකරන ලෙසය.
එහෙත් මහේස්‍රාත්වරයාගේ මෙම නියෝගය පවා කිසිදු තැකිමක් සිදුකොට නොතිබුණ බව අධිකරණය තුලදිම යළිත් වරක් කදිමට සනාථ වුයේ පෑලියගොඩ සිට පැමිණ සිට  උසස් පොලිස් නිළධාරියෙකු විසින් මීගමුව පොලිසියේ නොසල්ලේ තරම අධිකරණය හමුවේ කියා සිටිමත් සමගය.
කලක් තිස්සේ මීගමුව පොලිසියේ බහුතරයක් උසස් නිළධාරින් හට කෑම බිම පමණක් නොව ඇතැම් විට තවත් බොහෝ දැ ද සපයා දි තිබුනේ ලංසා පවුල විසින් බව කාටත් නොරහසකි.
මේ පසුබිම යටතේ තමන් රාජපක්ෂලාගේ පොලිසියට වඩා වෙනස් යැයි රටටම කියමින් පහර දුන් මැරන් අත්අඩංගුවට ගත්තද එය සැලසුම් කළ දයාන් ලංසා ව අත්අඩංගුවට නොගන්න තැනට කල්මරමින් සියළු කටයුතු කරගෙන ගියේය.
ඒ අනුව මීගමුව පොලිසිය තවමත් යහපාලනයට ගැලපෙන සේ මාරුවි නැතැයි යන්න දැන් ඉතා පැහැදිලිව තිබේ.
පහරදුන් මැරයා හා උපනගරාධිපතිවරයා අතර එදින සිදුව තිබුණ දුරකථන සංවාදය 15 පිළිබදව ප්‍රබල සාධයක් පැවැතියද පොලිසිය වඩාත් මහන්සි වෙනු පෙනුනේ ඒ දුරකථන ඇමතුම් 15 මේ ප්‍රහාරයට සම්බන්ධ ඒවා නොවන බව අධිකරණයට ඒත්තු ගැන්විම සදහා සාක්ෂි එකතු කරන්නටය.
එපමණක් නොව මේ ප්‍රහාරය ගැන මීගමුව පොලිසියේ ඇතැම් උසස් නිළධාරින් විසින් කරන්නට යෙදුන ඇතැම් ප්‍රකාශ අනුව අපට ඉතා පැහැදිලි වෙමින් තිබුනේ ඒ ඇතමෙක් ලංසා පවුලට කොයිතරම් නම් ගැතිද යනුෙවනි.
ඒ පිළිබදවද ප්‍රමාණවත් සාක්ෂි අප සතුය.
මීගමුව පොලිසිය තුල යහපාලනය ස්ථාපිත කරගැනිමේ වගකිම මෙරට මිනි මස්බුදින්නගේ දේශයක් බවට පත්කළ මිනිමරු රාජපක්ෂලා පළවා හැරිමට කටයුතු කළ සැමගේ වගකිමක් ව තිබේ.