යහපාලනය එපා කියා දුමින්ද ගෝඨා වැළඳ ගනී !

0
220

duminda 1ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය  පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත අද (09)  පැමිණි අද වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.එහි වැඩිදුරටත් සදහන් වන්නේ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් මහත් හරසරින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගත් අතර, ගෝඨාභය රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් සමග සුහද පිළිසදරකද  නිරත වි ඇති බවය..

එහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු අතර, එහිදී දුමින්ද දිසානායක මහතා කියාසිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද සියල්ල ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය වැඩි ජන්ද එක් ලක්ෂ පනස් දහසකින් ජයග්‍රහණය කරවන බවද ඔහු ගෝඨාභය මහතාට  පවසා තිබේ.
සිය පියා වු මිය ගිය බර්ටි දිසනායක මහතාට දේශාපාලනික වශයෙන් විවිධ කෙණහිලිකම් සිදුකොට තිබුනි.
කෙසේ වෙතත් දුමින්ද දැන් යළිත් වටයකින් රාජපක්ෂ රෙජිමයේ දෑත් ශක්තිමත් කිරිම සදහා දැන් එක්ව තිබේ.