යහපාලනය යටතේ ඇමති ලංසාගේ ගෝලයෝ වැල්ලේ ඉඩම් අල්ලති ?

0
63

negombo-beachඇමති නිමල් ලංසා කප් ගසා ඇත්තේ මීගමුවේ  වු රාජ්‍ය දේපල අවභාවිතය සම්බන්ධයෙනි.
මීගමුව තුල පැවැති බොහොමයක් රජයේ ඉඩම් ඇමති ලංසාගේ ආධාරකරුවන් විසින් අත්පත්කරගෙන දැන් ඒවායෙන් රු කෝටි ගණනින් අදායම් උපයති.
CIB එක අසලින් කලපුවට දිවෙන ඇල මාර්ගයේ රක්ෂිතය කොටසේ ඉදිකර ඇති කඩ 6 කින් ආදයම් ගනු ලබන්නේ මීගමුව මහනගර සභාවේ ආදායම් නිළධාරියෙකු ලෙසින් සේවය කරනු ලබන ඇමති ලංසාගේ ප්‍රධාන පෙලේ ගෝලයෙකු විසිනි.
තතු එසේව තිබියදි යහපාලනය යටතේද තම ආධාරකරුවන් සදහා ඉඩම් අල්ලා ගැනිමට අවැසි සියලු දෑ ඇමති ලංසා විසින් සිදුකරමින් තිබේ.
මෙහි තවත් අලුත්ම සිදුවිම වාර්තා වනුයේ මීගමුව සංචාරක කලාපයේ ගෝල්ඩි සැන්ඩ් හෝටලයට පිටුපසිනි.
ඇමති ලංසාගේ ප්‍රබල ආධාරකරුවෙක් යැයි කියන නිශාන්ත නැමැත්තෙකු මිට කලකට ඉහතදි වැල්ලේ කන්ටේනර් කඩයක් දැම්මේය.
එහි පළළ අඩි 5 ක් වු අතර දිග අඩි 8 කි.
නිතිප්‍රකාර නම් මෙවන් කටයුතු සදහා ඉඩක් නොතිබුනද දැන් එය ක්‍රියාත්මකය.මේ සම්බන්ධයෙන් අප මීගමුව වෙරල සංරක්ෂණ දේපාර්තමේන්තුවේ මීගමුවේ කාර්යාලයේ ඉජිනේරු රූපසිංහ මහතාගෙන්  අප කළ විමසුමකදි ඔහු කියා සිටියේ තාවකාලික ලෙසින් ජංගම රථයක් සේ කඩයක් පවත්වාගෙන යාමට වෙරළ සංසරක්ෂණ දෙපාර්ත්මේන්තුවේ අවසරය ලැබි ඇතිබවය.
එවිට අප ඔහුගෙන් අසා සිටියේ මීගමුවේ සිටින ඕනැම වෙළෙන්දෙකුට වැල්ලට පැමිණි රෝද 4 ක් තිබින්නේ යැයි කියමින් කඩයක් පවත්වාගෙන යැමට වෙරළ සංසරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර ලබා දෙන්නේද යනුවෙනි.
එයට නිසි පිළිතුරක් ඔහු වෙත නොවුණි.
කෙසේ වෙතත් වැල්ලේ මේ කඩය තනා ඇති නිශාන්ත නැමැත්තා පසුගිය කාලය තුල වැසිකිලියක්ද ඉදිකර තිබේ.
ඒ ගැන මීගමුව පොලිසියටද පැමිණිලි කරතිබුනද තව වෙනතුරුත් අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇතැයි වෙරළ සංරක්ෂණ ඉජිනේරුවා  කියා සිටි .මෙහි අලුත්ම තත්වය වන්නේ  වැල්ලේ කඩ හදා ඉන් අදායම් ලබන නිශාන්ත නැමැත්තා විසින් පසුගිය දිනක වැසිකිලයක්ද ඉදිකිරිමට මැදහත්ව තිබේ.