යහපාලනය සහ ජඩ පාලනය

0
118

238-presidents-stand-on-giving-nominations-to-mahinda-rajapaske-vague-hindu-reports1005607686

යහපාලනය සහ ජඩ පාලනය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජන බුද්ධියට නොව ගැලරියට කතාකරන නායකයෙකි. ඔහු කිසිදිනක බුද්ධිමත්, ව්‍යක්ත සහ චතුර කථිකයෙක් නොවීය. පහත් භාෂා ශෛලියකින් හා අධම විවේචනයන් සහිතව ජනතාව ඇමතූ නායකයෙක්ම විය. ඉඳහිට හොඳයැයි කතාවක් කළේ නම් ඒ මහින්ද ඉලේපෙරුම නම් තම මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලියා දුන් දෙයක්ය. ‘ටෙලි ප්‍රොම්ටරය නැතිව කතාවක් පවත්වන්ට බැරිවිය. ‘ටෙලි ප්‍රොම්ප්ටරයයනු රූපවාහිනී නාලිකාවන් හි ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකාවන් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සඳහා භාවිත කරනු ලබන තාක්‍ෂණික මෙවලමකි.

චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති ලෙස සිටි වකවානුවේ මහින්ද, හිටපු ජනාධිපතිනියට අමු තිත්ත කුණුහරුපයෙන් ප්‍රසිද්ධියේ බැණ වැදුණේය. පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රතිවාදීන්, රාජපක්‍ෂ පුත්‍රයන් අශ්වයින් පිට නැගීම පිළිබඳව ඔහු ප්‍රසිද්ධ වේදිකාවේදී ඊට පිළිතුරු දුන්නේ ඞී. අයි. ජී. පුතාලාගේ ගෑණුන්ගේ බඩ උඩ නගිනඑකට වඩා තම පුතුන් කරනා දේ හොඳ බවයි. මෙවන් නායකයන්ගේ අනුගාමිකයන් පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ මහ එකා හිටගෙන කරන කොට බාලයන් දුව දුව කරනවායන කියමන මතකයට නගා දෙමිනි. ඒ වාගේම පසුගිය ජනාධිපතිවරණයේ දී , ඒව කොහෙද මල්ලී, මමත් බෙන්තර ගෙඟන් එගොඩ එකෙක්ලෙස ප‍්‍රකාශ කළේ තමන්ගේ පහත් භාෂා ශෛලිය මඟින් මහජනතාව උත්තේජනය කිරීමටයි. මේ ප්‍රකාශ බුද්ධිමත් ජනතාව පිළිකුලින් යුතුව බැහැර කළ බව ජනවාරි 8 ඡන්ද ප්‍රතිඵලයෙන් මනාව පිළිබිඹු විය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජන බුද්ධියට හා හදවතට ආමන්ත්‍රණය කරන සැබෑ ශීලාචාර පුද්ගලයෙකි. පසුගිය පෙබරවාරි 4 වෙනි දින පැවති නිදහස් දින සැමරුම් උත්සවයේ දී කිසිදු ලියවාගත් සටහනක් නොමැතිව සාරගර්භ දීර්ඝ කථාවක් කළේය. තම කාර්ය මණ්ඩලය ටෙලි ප්‍රොම්ප්ටර් හෝ පිටපතක් ලබාදීමට ඉදිරිපත් වුවද, එයද ප්‍රතික්‍ෂේප කළේය. වත්මන් ජනාධිපති තුමන් තැනට උචිත කථා පවත්වන්නේය. පන්සලේදී, පාසලේදී, වෘත්තිකයන්ගේ සම්මන්ත්‍රණවලදී ඊට උචිතව, මාතෘකාවට අදාළ දෙයින් පිටත කිසිවක් ප්‍රකාශ නොකිරීමට වග බලාගනී. ඒවාගේම නොදන්නා දෙමළ කථා කරන්නට ගොස් ඇණ ගන්නේ ද නැත.

අද පන්සලක්, විහාරයක් දකින්නට බැරි මහින්ද රාජපක්‍ෂ, බෝධි පූජා, අධිෂ්ඨාන පූජාවන්ට මුවාවී වෛරී දේශපාලනයද, පහත් ජාතිවාදයද, අතේ පැලවෙන බොරුද කියමින් ජනතාව මුලා කරමින් සිටී. ‘බොක්කේ දඩ මස්, හක්කේ බුදුරැස්යන ජනප්‍රිය පාඨය මතක් වන්නේ මෙවිටය. සිය දස වසරක පාලන කාලයේදී වෛරී දේශපාලන සංස්කෘතිය ක්‍රියාත්මක කරමින් විරුද්ධ මතධාරින් පීඩාවට පත් කළ ආකාරයද කිසිදු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක්, මුල්‍ය පනතක් නැති රටක් ලෙස සලකා මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වියපැහැදම් කළේය. සිය කාමසුඛල්ලිකානු ජීවිතයට මහජන මුදල් අපහරණය කළේය. තම සුඛවිහරණය තකා සුඛෝපභෝගී වාහන 1200 කට අධික ප්‍රමාණයක් භාවිතා කළේය. තම කාර්ය මණ්ඩලයේ 1400 වැඩි සේවක පිරිසක් සඳහා මාසිකව වියදම් කළේ කෝටි ගණනිනි. මෙයින් බහුතරයක් ජනාධිපති කාර්යාලයට පැමිණෙන්නේ වැටුප ලබාගැනීමට පමණි.

එසේම තමාගේ උපදේශක මණ්ඩලය සිය ගණනින් වැඩිකර ගත්තේය. නමුත් ඒ කිසිවෙකුගේ කිසිම උපදෙසක් ලබා නොගත්තේය. මන්ද, මහින්ද රාජපක්‍ෂ යනු කාගේවත් උපදෙසක් මත ක්‍රියා නොකරන තමාගේම චින්තනයක්මත ක්‍රියා කරන්නෙකු වන නිසාමය. අඩු තරමේ රටේ මුදුන් මල්කඩ බඳු මහා නායක ස්වාමින් වහන්සේලාගේවත් උපදේශයක් පිළිනොගන්නා තරමේ පමණක් වන බෞද්ධයෙකි.

බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සිය ගණනක් තමන්ගේ කාර්ය මණ්ඩලයට අයත්ව සිටි යුගය වූයේ මහින්ද රාජපක්‍ෂ පාලන කාලයයි. අද ඒ භික්‍ෂූන් වහන්සේලා බහුතරයක් මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටින්නේ එකල මහින්දගෙන් යහමින් සැලකුම් ලැබූ නිසා ඊට ප්‍රතිඋපකාර කර හෝ යළි මළගිය දේශපාලන මළකුණට ඔක්සිජන් ගසා මල්ල පුරවා ගැනීමටය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් තමන් බලයට පැමිණි මුල් කාලයේදීම බෞද්ධ භික්‍ෂූන් වහන්සේ සහභාගි වූ උත්සවයක දී ඍජුවම ප්‍රකාශ කළේ තම කාර්ය මණ්ඩලයේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාට මුදල් ගෙවා ලබා ගන්නා රැකියා හෝ උපදේශක තනතුරු නොමැති නමුත් උන්වහන්සේලාගේ උපදේශ ලබා ගැනීමට ක්‍රියා කරන බවය.

සියලූම ලක් වැසියන්ට නීතිය, ආර්ථිකය, සමාජ ප්‍රතිලාභ සමානව භුක්ති විඳිමේ අයිතිය යහපාලනයේමූලික අදහසයි. ජනවාරි 8 වැනිදාට ප්‍රථම මෙරට වැසියන් භුක්ති වින්දේ ඉතාමත් තිරශ්චීන පාලන ක්‍රමයකි. අද යහපාලනයනම් එදා ජඩ පාලනයකි. නීතිය තමන්ම රිසිසේ මෙහෙයවමින්, ජනතාව පිට බදු පිට බදු පටවමින් ජනමාධ්‍ය තමන්ට රිසිසේ හසුරුවමින්, උතුරේ ජනතාව හමුදාකරණයට ලක් කරමින්, මහජන මුදල් තමන්ගේ බූදලයක් ලෙස සලකා පරිහරණය කරමින් ශ‍්‍රී ලංකා ඉතිහාසයේ අන්ත දූෂිත පාලනයකට තිත තැබීමට බහුතර ජනප‍්‍රසාදය මඟින් ජනවාරි 8 වැනිදා සිදුවුණි.

එම අති බහුතරය මේ රටේ යහපාලනයඋදෙසා දුන් ජනවරමට නිග්‍රහ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙමු.

මතු සම්බන්ධයි

යහපාලන පුරවැසියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here