යහපාලනෙන් පඩි අරන් රාජපක්ෂලාට වැඩකරන මිගමු මන්ත්‍රීලා !

0
53

FB_IMG_1501157110571ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන රැස්විමක් පසුගිය දිනක හිටපු මිගමු ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නිවසේ පැවතුණි.එහි එක් විශේෂත්වයක් වි තිබුනේ යහපාලනයෙන් මාසිකව පඩි ලබන මන්ත්‍රීන් පිරිසක්ද කිසිදු ලැජ්ජාවකින් තොරව එහි සිටිම පිලිබදවය.ඉන් ප්‍රමුඛයෙකු වන දයාන් ලංසා තම සහෝදර යහපාලන ඇමතිගේ පුද්ගලික ලේකම් හැටියට වාහන පඩි සහ තවත් වරප්‍රසාද ලබන්නෙකි.සිය ගමවු වැල්ලවිදියේ පදිංචිව සිටිමටත් තරම් නොහැකි අයුරින් ගමෙන් ප්‍රතික්ෂේප වි සිටින ඔහු දැන් කටුවාපිටිය සිය ගමකරගැනිමට තෝරාගෙන තිබේ.මෙම රැස්විමට සහභාගිව නොසිටි ශ්‍රිලනිප නාගරික මන්ත්‍රීවරයා වන්නේ ෆරිස් මහතා පමණි.මේ දිනවල මිගමුවේ ක්‍රියාත්මක මෙගා ඩෙංගු වැඩසටහන රාජපක්ෂලාට පාවඩ එළන එකක් බවට පත්කරගැනිම සදහා සංදර්ශන පවත්වනු ලබන්නේද මේ අයම විසිනි.මේ නිසාම මේ සියල්ලෝම අද මිගමුවේ බුද්ධිමත් ජනයාගේ මහත්වු පිළිකුලට ලක්ව සිටි.