යහපාලන ආණ්ඩුවේ පොරොන්දු රංජන් තනියම ඉටුකළ හැටි !

0
144

Ranjan_Voiceහිටපු ඇමති රන්ජන් රාමනායකගේ හඩ පට කථාව මේ දිනවල දේශපාලන ලෝකය කණපිට පෙරළමින් තිබේ.දැනට දින කිපයක් පුරාවටම ප්‍රධාන පුවත් සිරස්තල මවන්නට තරම් එය ප්‍රබල එකක් වි ඇත.
මේ හඩපට වලට අදාලව තවත් සුවිශේෂි හඩපට රන්ජන් රාමනායක රැසක් ඕස්ට්‍රේලියාවේ සහ තවත් ආරක්ෂිත ස්ථානයක  තබා ඇතැයි ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි.
අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කිරිමට රන්ජන රාමනායක සුදානම් යැයිද එහි තවදුරටත් සදහන් වේ.
එමෙන්ම මේ සියල්ල හෙළි කිරිමට ජනපති කොමිසමක් හිටපු ඇමතිවරයා ඉල්ලා ඇතැයිද කියැවේ.
කෙසේ වෙතත් මිරර් වැඩිදුරටත් සදහන් කර සිටින්නේ තමන් මෙසේ හඩ පට ලග තබාගත්තේ යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු බවත් ,හොරුන් දුෂිතයන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කළ නිසා තමන් ජනතාවට දුන් පොරොන්දුව වෙනුවෙන් පෙනි සිටි සිටින බව  හිටපු ඇමති රන්ජන් රාමනායක තමන්ට පැවසු බවත් ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය සදහන් කර තිබේ.