යහපාලන උෟෂ්ණය වැඩිවී රෝස් යකා නටයි

0
285

නොවැම්බර් 10 වනදා   කදිරාන ප්‍රදේශයේ දී  නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ පළාත් සභා මන්ත්‍රිනී රෝස් ප්‍රනාන්දු අතර ගැටුමක් සිදුවී ඇති බව වාර්තා වේ.
මෙම ගැටුම සඳහා මුල්වී ඇත්තේ රෝස් ප්‍රනාන්දු සහ ඇගේ ආධාරකරුවන් පිරිසක් වන බවද එම ප්‍රදේශයෙන් වාර්තා වේ.
කදිරාන ප්‍රදේශයේ ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්නයක් විසඳීම සඳහා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මැදිහත්වීමෙන් බැකෝ යන්ත්‍ර මගින් කාණු සුද්ධ කර ජලය බැස යාමට පහසුකම් සැලසිම සඳහා නිළධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ කටයුතු කරමින් සිට ඇති අතර එම ස්ථානයේ නියෝජ්‍ය ඇමතිනියද සිට ඇත. එම අවස්ථාවේ මෙම ස්ථානයට පැමිණ ඇති රෝස් ප්‍රනාන්දු මහත්මිය විසින් ‘‘ මේක අපේ ආණ්ඩුව “ යැයි පවසමින් මෙම රාජකාරියට බාධා පමුණුවා ඇතැයි වාර්ථා වේ.
. ඒ අතර ඇය සමඟ පැමිණි පුද්ගලයෙකු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමඟ සිටි පිරිසේ කෙනෙකුගේ හිසට පිස්තෝලයක් ද එල්ල කළ බව ද වාර්තා වේ.
මීට පෙර අවස්ථා ගණනාවකදිම රෝස් ප්‍රනාන්දු මන්ත්‍රිණියගේ ආධාරකරුවන් චණ්ඩියන් මෙන් පමණක් නොව කප්පම්කාරයන් ලෙසින් ද හැසිරි ඇති අයුරු අප විසින් හෙළිදරව් කර ඇත්තෙමු.

rose