යහපාලන රජයෙන් මිගමුවට ලැබෙන රු කෝටි 20න් කොමිස් ගැනිමට දෙපිරිසක් ගැටේ !

0
58

Bribe-for-Passport-Police-Verification-1024x682(1.05 pm ) යහපාලන රජය විසින් ආර්ථික කටයුතු ආමාත්‍යංශය සහ ගම්පෙරළියෙන් මිගමුවේ පාරවල් සංවර්ධනය කිරිමට කිරිමට ලබාදෙන රුපියල් කෝටි 20 ක පමණ මුදල මගින් ඇති පදමට කොමිස් ගසා ගැනිම සදහා සුදානමින් සිටින දෙපිරිසක් අතර දැන් ගැටුමක් මතුව තිබේ.
මේ එක් පිළක හිමිකරුවා වන්නේ නිමල් ලංසාය. අනික් පිළ පුරපති දයාන් ලංසාගේය.
මේ පාරවල් හැදිම නගර සභාවේ කම්කරුවන් යොදාගෙන කළයුතු යැයි කියන ලංසා පිළේ නායකයා වන්නේ තාක්ෂණ නිළධාරි රන්මුතුය.
ඒ වෙනුවට සමිති සදහා කොන්ත්‍රාත් දි ඒ මගින් කළ යුතුයැයි ස්ථාවරයක පිහිටා කටයුතු කරන පුරපති දයාන් ලංසා වෙනුවෙන් කොන්ක්‍රිට් චමන්ද නැමැත්තා පෙනි සිටි.
කෙසේ වෙතත් අයියා සහ මල්ලිගේ කොමිස් මාෆියාව වෙනුවෙන් දැන් රන්මුතු සහ කොන්ක්‍රිට් චමින්ද අතර ඇත්තේ ශිතල යුද්ධයකි
ලංසා පවුලේ කළු සල්ලි පාලනය පරදා මිගමුවේ පැවැති  පසුගිය මැතිවරණ සියල්ලෙන්ම ජයගත් එජාප ක්‍රියාකාරින්ට අද සිදුව ඇත්තේ යහපාලන සල්ලිවලින් කොමිස් ගහන්නට දෙපිල බෙදි පොරබදින අයියලා සහ මල්ලිලා මජර පාලනය දෙස බලා සිටිමටය.