යාප‌නේ පොලිස් මර්ධනය lankatruth වලට පුවතක් නොවිම?

0
331
Screenshot 20210924 064624
78ce67a6 3675427d selvarasa

ඊයේ පෙරවරුවේ යාපනයේ නල්ලුර් කන්දසාමි කොවිල අසලදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුව ඉතාමත් නින්දිත ලෙසින් යාපනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ lankatruth.com මේ වන තුරුත් පුවතක් නොවිම තිබිම සැබැවින්ම අරුමයකි.

උපවාස කොට මිය තිලිපන් සමරා කෝවිල අසල වැලිපොලවේ කපුරු කෑල්ලක් පත්තු කිරිමට ඉඩක් නොදි යාපනේ පොලිසියේ ලොක්කා විසින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රිත් පාර්ලිමේක්තු මන්ත්‍රි සෙල්වරාසා ගජේන්ද්‍රවන්ව මෙසේ බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන කුදලාගෙන ගොස් පොලිස් ජීප් රථයට නංවාගන්නා අයුරු මෙන්ම ඉන් අනතුරුව පවා පොලිසිය හැසිරෙන ආකාරය සහිත විඩියෝ මේ වන විටත් මුළු ලෝකය පුරාම ප්‍රචාර වෙමින් තිබේ.

ගජ‌ේන්ද්‍රන් මන්ත්‍රිවරයා විසින් අධිකරණ නියෝගයක් ඇතිනම් පෙන්වන්නට යැයි කියද්දි ඒ ප්‍රශ්ණය කපටියෙකු ලෙස මගඅරිමින් යාපනේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් කටයුතු කර තිබේ.

මේ ආකාරයෙන් උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක පොලිස් මර්ධනය ජවිපෙට සම්බන්ධ lankatruth.com වෙබ් අඩවියට බොහෝ විට ප්‍රවෘත්තියක් නොවෙන ආකාරය අවස්ථා ගණනාවකදිම වඩාත් පැහැදිලිව කැපි පෙනුන කරුණක් වි තිබුණි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here