මේක ලියන මොහොතෙත් හිතාගන්න බෑ ඔහු කොහොම මනුස්සයෙක්ද කියලා.. මේ කියන්නේ තායිලන්තයේ ගුහාවක් තුල සිරවූ ගුරුවරයා හා ළමුන් 12 දෙනා ගැන.ඔවුන් ගුහාව තුල සිරවී දින 9ක් ආහාරද රහිතව ඉන්නවා.. ඒ අතරේ තිබුණු සුළු ආහාර පවා ඔහු නොගෙන ළමුන් 12 දෙනා අතර ඉතා අරපිරිමැස්මෙන් බෙදා දෙනවා.. මෙම ගුරුවරයාගේ තැන අප සිටියානම් අප කරන්නේ ඇඟේ ඉතුරු වී තිබෙන ශක්තියෙන් මහා හයියෙන් කෑ ගහන එක. නැත්නම් ඉකි ගසා හඬන එක. ඒත් ඔහු ඒ වෙනුවට කලේ ළමුන්ට බලාපොරොත්තුවක් දුන්න එක. රෑ වෙනවා එළි වෙනවා නොපෙනෙන අඳුරු ගුහාවක් තුල ඔහු කලේ දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරන එක. ඔහු තාවකාලික පැවිද්ද ලද අයෙක්.එහිදී ඔහු ඉගෙනගත් භාවනාව දරුවන්ටද උගන්වා සියල්ලෝ සමඟ ඉවසීම ප්‍රගුණ කලා. ඉන් ඔවුන් මහත් සැනසීමක් ලැබුවා. අඳුරු ගුහාවක වුනත්, කොයි මොහොතක හෝ තමන් බේරා ගැනීමට කණ්ඩායමක් ඒවි යැයි ප්‍රාර්ථනාවෙන් දෑස් දල්වාගෙන සිටින්නට තරම් ඔවුන් ශක්තිමත් වුණා.. දින 9ක් කියන්නේ සුළු පටු කාලයක් නෙවෙයි. අනික කුඩා දරුවන් 12ක් සමඟ…
කෙසේ හෝ දින 9කට පසුව ඔවුන් සොයාගෙන ගලවාගැනීමේ කණ්ඩායම් එනවා. එම පිරිස් ලබාදුන් ඔක්සිජන් පවා මේ ගුරුවරයා ලබාගන්නේ ළමුන් සියල්ලටම දී අවසන් වූ පසු. ඔවුන් රැගෙන ආ ආහාර පවා ලබාගන්නේ සියළු සිසුන්ට දීමෙන් පසු. ඊටත් දින ගණනාවකට පසුව සියළු දෙනාම බේර ගන්නවා. ඒත් මේ ගුරුවරයා සියළුම ළමුන් ගුහාවෙන් පිටතට රැගෙන යන තුරු පිටතට යාම ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ සියළුම ළමුන් රැගෙන ගිය පසු ඔහුද පිටත් වෙනවා..
ඔහු හරි අපූරු ගුරුවරයෙක්. ඒ වගේම අනෙක් විශේෂත්වය තමයි මොහු අවුරුදු 25ක තරුණයෙක්.
මුළු ලෝකයාම කලබලයකට ලක් කල මෙම සිදුවීම පිටුපස සමස්ථ ලෝකයාටම ආදර්ශයට ගත හැකි අපූරු ගුරුවරයෙක් ඉස්මතු වෙනවා.. ඔහුගේ ස්ථානෝචිත ප්‍රඥාව නොතිබෙන්නට අද ඔවුන් සියළුදෙනාම තවමත් පොළවට පස් වෙමින් සිටින්නට තිබුණා..
ගුරුවරයෙක් යනු මාර්ගය පෙන්වන්නෙකු නොව, මාර්ගයේ ගමන් කරන්නෙකු විය යුතුයි!
– Che Study –
(උපුටාගැනීමකි )