යුද්ධයෙන් පිඩාවට පත් ජනයා බැලිමට පාප්තුමා මඩුපල්ලියට…?

0
80

ලබන වසරේ ජනවාරි මාසයේ 13 වනදා සිට 15 වනදා ශ්‍රිලංකාවේ සංචාරයක යෙදෙන ප්‍රැන්සිස් පාප්තුමන්ට යුද්ධයෙන් පිඩාවට පත් ජනයා බැහැ දැකිම සදහා මඩු පල්ලියට පැමිණෙන ලෙස ඉල්ලා සිටිමට  කටයුතු සැලැසුම් කෙරෙමින් ඇතැයි වාර්ථා වේ.
පාප්තුමන්ගේ ලංකා ගමන ගැන කථාබහ කර ගැනිම සදහා දැනට රෝමයට ගොස් සිටින ලංකාවේ රදගුරුතුමන්ලාගේ  සංවිධාන සකාච්ජාව අතරට උතුරේ ජනයාගේ මඩු සිද්ධස්ථානය බැහැදැකිමේ ඉල්ලිමද ඇතුළත් වනු ඇතැයි සැලය.
උතුරේත් දකුණේත් කිතුනු ජනයා එක්රැස්කෙරෙන මඩු සිද්ධස්ථානයට පාප්තුමන්ගේ පැමිණිම කිපආකාරයකින්ම සුවිශේෂි වනු ඇතැයි මීපුර ඇමතු කිතුණු පියතුමෙකු සදහන් කර සිටියේය.MR in rome

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here