

පසුගිය ජනවාරි මාසයේදි එතුමන් Youtube විඩියෝවක් මගින් ලෝකයා වෙත දැනුම් දි තිබුනේ සිරියාවේ යුද්ධය නිසා නිවාස නොමැතිව රෝගිව කුසගින්නේ මිය යන ජනයා වෙත අධාර අවැසි බවය.
මෙහි ප්‍රථිපලයක් ලෙසින් පසුගිය පෙබරවාරි මාසයේදි එහි යන එක්සත් ජාතින්ගේ සංවිධාන නියෝජිතයන් ප්‍රාන්ස් පියතුමන්ගේ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් ආධාර ලබාදි තිබුන අතර එමෙන්ම සිරියාවේ පවතින ඇත්ත තත්වයද ගැනද හොද අවබෝධයක් ලබාගෙන තිබුණි.
ජේසු නිකායික පියතුමෙකු වු ප්‍රාන්ස් පියතුමන්ගේ ඝාතනය ගැන රෝමයේ පිහිටි ජේසු නිකායික ප්‍රධාන කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වුනේ ප්‍රාන්ස් පියතුමන්ට අමානුෂික ලෙස පහර දිමෙන් අනතුරුව එතුමන්ගේ හිසට පිට පිට දෙපාරක් වෙඩි තබා ඝාතනයට ලක් කර ඇති බවය.
මේ අතර ප්‍රාන්ස් පියතුමා ගනු ලැබු තින්දුවම ගත් 75 වියැති ප්‍රැන්සිස් පියතුමන් ශ්‍රිලංකාවේ යුද්ධයේ අවසන් සමයේ සිය පිඩාවට පත් ජනයාසමගින් දිවි ගෙවා ඒ ජනයා සමගින්ම පැමිණ ශ්‍රි ලංකා හමුදාවන් වෙත 2009 මැයි 17 වනදා භාරවි තිබුනද අද වනතුරුත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැත.
දැනට මේ සම්බන්ධයෙන් වව්නියාව අධිකරණයේ නඩුවක්ද විමසෙමින් ඇත.