යුද්ධයෙන් මිය ගිය අයව උතුරේදි සැමරේ …..

0
168

FB_IMG_158981565390530 වසරකට ආසන්න කාලයක් පුරා ලාංකීය ජනතාව පීඩාවට පත්කරමින් උතුරු නැගෙනහිර දමිළ,මුස්ලිම් ජනතාව දීර්ඝකාලීනව අවතැන් කරමින් ශ්‍රී ලංකා රජයත් දෙමළ ඊළාම් විමුක්ති කොටි  සංවිධානයත්  අතර සිදුවූ යුද්ධය අවසන් වී අදට වසර 11කි.
මෙම යුද්ධයෙන් දෙපාර්ශවයටම  විශාල ජීවිත හානි සිදුවූ අතර උතුරු ප්‍රෙද්ශයේ සිවිල් ජනතාව වසර 30කට ආසන්න කාලයක් සිය නිවාස අතහැර අනාථ කදවුරු තුළ දිවි ගෙවූහ.
දකුණේ  කාන්තාවන් විශාල සංඛ්‍යාවක් වැන්දඹුවන් බවට පත්වූ අතර දහස් ගණන් උතුරේ දමිළ ජනයාගේ පවුල් වල සාමාජිකයන්  එක්කෙනෙකුට වඩා මියගොස් තවත් පුද්ගලයින්  අතුරුදහන්විය.
අවසන් අදියරේදී හමුදාවට බාරවූ සිවිල් ජනතාව මේ වනතෙක් හමුනොවූ බවට ඔවුන්ගේ පවුල් වල ඥාතීන් චෝදනා  කරන අතර ඒ සම්බන්ධයෙන් ජීනීවා මානව හිමිකම් කවුන්සලය විසින්ද ශ්‍රී ලංකා රජයට චෝදනා එල්ල කර තිබේ.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව යුද්ධයෙන් මියගිය සිය ඥාතින් සිහිකිරීම සතියක්පුරා සිදුකරන ලදී. අදත්  මුල්ලිවයික්කාල් ප්‍රෙද්ශය ඇතුලු ස්ථාන කීපයකදී  යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිකිරීම සහ ඔවුන්ට  උපාහාර සිදුකිරිම නිශ්ශබ්දතාවය රකිමින් සිදුකර තිබේ.