යුද්ධය නිර්මාණය කළ කිසිවෙකුටත්,කිසිවිටකත් සමාවක් නැත…

0
463

ම්ලේච්ඡ යුද්ධයේ අවසන් දිනය සනිටුහන් වු අද දවසේ සැමරුම මුල්ලිවයික්කාල්හිදි පැවැත්වේ.

wp 1684389407186

ඒ සඳහා දකුණේ ඇතැම් සමාජ ක්‍රියාකාරින් ද එක්ව සිටිති.මේගැන සිය ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින් අරුණ ශාන්ත නෝනිස් මෙසේ කියා තිබේ.

Screenshot 20230518 113354

මේ කුරිරු ම්ලේච්ඡ යුද්ධය වෙත රට තල්ලු කළ දක්ෂිණාංශික පක්ෂ මෙන්ම ඊට උඩගෙඩි දුන් වාමාංශික පක්ෂ වලටද කිසි දිනක ඒ ශාපයෙන් ගැලවිමට ඉඩක් නැති බව ඉතා පැහැදිලිය.

wp 1684389515482
wp 1684389484111

දමිළ ජනයාගේ අභිලාෂයන්ට පසුබිම සකසන ප්‍රතිපත්ති මුලික ස්ථාවරයකට නොපැමිණ ඒ වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනි නොසිට ,විටන් විට දකු⁣ණේ සිදුකරනු ලබන වැඩසටහන් බෙහොමයක් හුදෙක් ඒ අයගේ හිත් සනසාලන්නට සිදුකරනු ලබන ක්‍රියාවන්ම පමණක් බවට පත්වෙනු ඇත.

දකු⁣⁣ණෙ වම දමිළ ජන අභිලාෂයන් වෙනුවෙන් ප්‍රතිචාර මුලික ස්ථාවරයක් ගැනිමට සුදානමක් නැතිබව දැන් ඉතා පැහැලිය.

ශිෂ්‍ය ව්‍යාපාරයටද ඇත්තේ දකුණේ ශිෂ්‍යයන් මුලික කොට ගත් සිය පක්ෂයේ අණසක සහිත වපසරියක දේශපාලන කිරිමේ වුවමනාවක් පමණක් බව අරූරන්ලා ගැන ක්‍රියාකළ ආකාරයෙන්ම පෙනේ.

මාධ්‍ය සංදර්ශන ඉක්මවා යන ප්‍රතිපත්ති මුලික මැදිහත්මක් තුල පමණක් උතුර දකුණ යාකරන දේශපාලනයක් නිර්මාණය වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here