යුද වින්දිතයන් අමතක කොට පාස්කු වින්දිතයන් ගැන පමණක් කතාකරන සැම කුහකද?

0
188

මේ දවස්වල වැනල් 4 සිදුවිම පදනම් කරගෙන දකු⁣ණෙ සමාජයේ අය සමාජ මාධ්‍ය වලත් තවත් තැන් වලත් ලොකු කතා කියන්න පටන් අරන්.

ඇත්ත. බලය ලබාගැනිම වෙනුවෙන් අසරණයන් ඝාතනය කරපු උන්ට විරුද්ධව කොන්දේසි විරහිතව මේ විරෝධයන් පෙළ ගැස්සවිය යුතුමයි.

හැබැයි මෙතනදි දකුණේ කතෝලික පල්ලියේ නායකයෝ රටේ ආරක්ෂාව හදන්න කියල උදෙන්ම ගිහින් පුරවැසි යුතුකම ඉටුකරන්න කියල කිව්වේ උතුරේ සහ නැගෙනහිර මේ රටේම ජනතාව ඉතාමත් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරපු අතුරුදන් කරපු තිරිසන් පවුලකට බලය දෙන්න.

මේ ශාපෙන් නම් මේ කිතුණු නායකයන්ට කිසි දවසක ගැලවිමක් නැ.

එවගේම තමයි කතෝලික පල්ලියට විවිධාකාර කථා කාරයෝ පහුගිය කාලයේ මයික් ඉස්සර ලොකු මැදිහත්විම් කළා.

ඒක වැදගත්. හැබැයි මේ අයගෙන් බහුතරයක් එදා චැනල් 4හෙළිකරපු තිත්ත ඇත්ත ගැන මික් කියපු නැති අය.ඒ වගේද ඊයේත් අදත් හෙටත් මෙයාල පාස්කු වින්දිතයන් ගැන කතා කරන කොට බලය ලබාගන්න වගේම බලය පවත්වාගෙන යන්නත් මේ මිනිමරු රාජපක්ෂ රෙජිමය කටයුතු කරල තියෙනව කියල කියාගන්න බැරිනම් එයාල ඇත්තටම කුහකයෝ නෙමේද?

මේ වගේ අයගේ නම් ලයිස්තුවක්ම මතක් වෙනවා.දැනටම නම් ටික නොකියාම ඉමු.මොකද මෙයාල අදත් විශේෂයෙන්ම හෙටත් කතා දායිනේ.අපි බලන් ඉමු.

එ වගේම තමයි කාදිනල් උන්නාන්සේ දෙන පොරටෝක් කරේ තියන් යන ඈයොන්ගේ අත්වලත් ලේ ගෑවිලා කියල එයාලටම මතක නැති එකත් මතක් කරල දෙන්න ඕනා.

හරිනම් පාලම් ගැන පල්ලියේ අල්තාරේ ඉදන් කියනව වගේ කාර්දිනල් උන්නාන්සේත් මේ රටේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනා නේද?එහෙම අය තමයි නියම ක්‍රිස්තු අනුගාමිකයෝ…

අපි බලන් ඉමු…