මේ අතර ඇමරිකාවේ මේ තිරණය ගැන විදේශ කටයුතු අමාත්‍යංශය සිය විරෝධය පළකරමින් ඒ ගැන නැවත සලකා බලන ලෙසත් එවැනි තිරණයකට පැමිණ ඇත්තේ ස්වාධිනව තහවුරුකරගත් සාක්ෂි මත පදනම්දැයි ප්‍රශ්ණ කොට තිබේ.
එමෙන්ම යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියා තිබුනේ තමන් ඇමරිකාවට යාමට ඉල්ලා නැති බවත් යන්නේ නැති බවත්ය.
මේ ප්‍රකාශය ගැන සලකා බලද්දි ඇත්තටම මෙහි ඇත්තේ විසා අයදුම් පතක් පිළිබද ප්‍රශ්ණයක් නොවන බව තේරුම් ගත යුතුය. පසුගිය දිනක ජනපති ගෝඨාභය රාජපක්ෂ පවා කියා සිටියේ යුධ සමයේ අතුරුදන් වුවන් ජිවතුන් අතර නැති බවය.
ඒ ප්‍රකාශය සමබන්ධයෙන් සුමන්තරින්ද ඇතුළු දමිළ දේශපාකයන් විමසා තිබුනේ එසේ නම් යුද්ධයේ අවසන් අදිරයේදි හමුදාවට භාර වු 3000 කට ආසන්න පිරිසකට සිදුවුයේ කුමක්දැයි ජනපති ගෝඨාබහ රාජපක්ෂ ප්‍රකාශ කළ යුතු බවය.
මෙසේ හමුදාවට බාරවුන අය කතෝලික පියතුමෙකුද විය.
තවත් සතියකින් ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසි වාරයේදීද මෙම කරුණ කෙරෙහි ප්‍රධාන අවධානයක් යොමු වෙතැයි දේශපාලන විචාරකයේ පවසති.
ජිනිවා මාර්තු සැසිය පෙබරවාරි 24 වෙනිදා ආරම්භ වන අතර එය මාර්තු 20 වෙනිදා දක්වා පැවැත්වේ .