යුධ හමුදාවෙන් නොමිලේම ක්‍රියාත්මක 24 පැයේ රසායානාගාර සේවය ගැන රවිකුමුදේශ්ගෙන් පිළිතුරක්!

0
151

Thamita 100

මීපුර ජනමාධ්‍ය ආයතනය වෙත,

ප්‍රවෘත්තියක් ලියනකොට මීට වඩා ටිකක් හොඳ ජනමාධ්‍ය සම්පරදායක් හදාගත්තනම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ඔයගොල්ලන්ගේ නිව්ස් එකේ අපි ගැන ලියල තියන නිව්ස් බොහොමයක් බොරු. ඒ වගේ න්වෙස් හදලා ආණ්ඩුà ��ේ ලැබ් වහලා ලොකු ලොකු වලින් කොමිස් ගන්න ඕන වෙලා තියන කෙනෙකුගේ වුවමනාව තමයි ඔයගොල්ලෝ මී ජනතාවාදී ලෙස ක්‍රියාත්මක කරන්නේ.

ආමි එකේ ලබ් එකකට අපි කවදාවත් විරුද්ද වුනේ නැ. මොකද එකේ ඉන්න MLT මහත්වරුන්ටත් උගන්නන්නේ අපි. සමහරුන්ට ඒ ගොල්ලෝ නිකන්ම නිකන් ආමි කාරයන් විදිහට පෙනුනට අපිට දන්නවා ඒ ගොල්ලෝ හරියට ඉගà ��ගෙන රස්සාව කරන අය බව. ඒ වගේම මේ ලැබ් එක දැම්මේ ජනාධිපතිතුමා අපිත් එක්ක කරපු සාකච්චාවකින් පස්සේ කියන එකත් අමතක කරන්න එපා. එලියටම යවන්න ඕනේ කියන අයට උත්තරයක් විදිහට, එලියේත් කොමිස් ගන්න බැරි, නොමිලේ දෙන සේවාවක් තිබුනාම මිනිස්සු ආරක්ෂා කරගන්න පහසු බව අපි දන්නා නිසා තමයි, ජනාධිපතිතුමා සමග අපි ඒවගේ වැඩපිළිවෙලකට එකඟ වුනේ. ඒ නිසා පුලුවන්නම් අපි විරුද්ධ වුනා කියන එක තැනක් පෙන්නන, ඒක ඔ යගොල්ලන්ව කඩේ යවපු එවුන්ව අල්ලගන්න දෙන පොඩි අභියෝගයක්..

හැබයි මේ අමාරුව හැදෙන්නේ එකට නෙවේ. කිසිම සුදුසුකමක්ව නැතුව වැඩ කරන පිරිසක් වැඩකරන වටේ තියන ලබ් කඩ වලට සාම්පල් යවලා කොමිස් ගන්න බලං හිටපු මහත්වරුන්ට ඒක ගන්න බැරිවුණු එකට.

අපි ආරාධනා කරනවා මී පුරට, එන්න මීගමුව රෝහලේ ලැබ් එකටත්, අපි OPD එකේ විනාඩි තිහකක්ඇතුලත වාර්තා දෙන අලුත්ම ලැබ් එකක් දින තුනක් අතුලත හැදුවා. අමතර MLT නිලධාරීන් 10 දෙනෙක් සතියක් ඇතුලත පත් කළා. වාර්තා සියල්ල වාට්ටුවේ සිටම එසැනින් කියවගන්න, වාර්තාව රෝගියාගේම ජංගම දුරකතනයට ලබා දෙන ක්‍රමයක් හැදුවා. ඊකට පරිගණක ටික අරන්දෙනකන් අපි බලාගෙන ඉන්නේ. ඒ වගේම තව ලැබ් ඕනෙනම්, අපිට දෙන ඕනෑම ත ැනක දාල දෙන්නම්.

ඒ නිසා පෞද්ගලික ලැබ් කඩ කාරයන්ගෙන් කොමිස් ගන්න කට ඇරැගෙන බලාන ඉන්න එවුන්ගේ ලොකු සද්ද වලට රැවටිලා, ඩෙංගු රෝගයට මුවාවෙලා මීගමුවේ අහිංසක මිනිස්සුන්ව හැමදාම හුරාගෙන කන්න හදන එවුන්ට උඩගෙඩි නොදී ඉන්න, මීගමුවේ මිනිස්සුන්ගෙන්ම යැපෙන ජනමාධ්‍යක් විදිහට මීපුරට ලිකු වගකීමක් තියනවා.

පුලුවන්නම් මේකත් පල කරන්න. තව ඕනනම් කතා කරන්න 0773077717. එකම අරමුණක් තියන අපි එකට වැඩකරමු !

Ravi Kumudesh

 

අපගේ අවධාරණය

යුධ හමුදාව සිය කැමැත්තෙන්ම 24 පැයේ නොමිලේ වෛද්‍ය රසායනාගාර සේවාවක් රෝහල තුල ක්‍රියාත්මක කිරිමට ඇති කැමැත්ත ක්‍රියාත්මක කිරිමට මුල්ව කටයුතු කරතිබුනේ  ජනපති ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකු විසිනි.
මෙකි වෛද්‍යවරයා විසින් වෛද්‍ය රසයානාගාර සේවා වෘත්තිය සමිතියේ ඉහල නිළධාරියෙකු සමග සිදුකර තිබුනෙ කථාබහකදි මතුව තිබුණ විරෝධය හේතුවෙන් අදාල සේවාව මීගමුව රෝහල තුල ස්ථාපිත කරගැනිමට නොහැකිව තිබුණි.
මේ නිසා යුධ හමුදා නිළධාරින් විසින් තිල්ලන්දුව මිසමේ සේවක සදසිරි පියතුමා හමුවි ස්ථානයක් ලබා දෙන කරන ලද ඉල්ලිමෙන් පසු තම්මිට පිලිප්නේරි පල්ලිය ලබාදිමට සදසිරි පියතුමන් විසින් අවසර ලබා දි තිබුණි.
අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සදසිරි පියතුමන් කියා සිටියේ තම අවසරය ලබාදිමෙන් අනතුරුව පැය 7 ක් වැනි සුළු කාලයක් තුලදි අදාල ස්ථානය පහසුකම් සියල්ල සපායාගෙන රුධිර පරික්ෂාවද ආරම්භ කර තිබුණ බවය.
මේ රටේ යහපාලනය ස්ථාපිත කිරිමට සදහා අප එකට අරගල කළ බව ඇත්තය.
එහෙත් අපගේ මාධ්‍ය භාවිතාවේදි මිතුරු  වෘත්තිය සමිතියක් වුව මීගමුවේ පවතින ඩෙංගු වසංගත තත්වය ගැන අසංවේදිව කටයුතු කරන්නේ නම් අප ඒ සැම කොන්දේසි විරහිතව එළිදරව් කරන්නෙමු.
අදාල පුවත පළකරන්නට මත්තෙන් අප රවිකුමුදේශ් මහතා අමතන්න අවස්ථා කිපයකදිම උත්සාහ ගත්තද එය අසාර්ථක විය.
රවිකුමුදේශ් මහතාගේ ජංගම දුරකථන අංකය අප ලබාගත්තේද තවත් වෘත්තිය සමිති සගයන් වන ජෝශප් ස්ටාලින්ගෙන් සහ සමන් රත්නප්‍රියගෙන්ය.
ඇත්තටම මේ රසායානාගාර සේවාව රෝහලේම ස්ථාපිත කරගන්නට තිබුණේ තවත් අගනේය.Thamita 101
තතු එසේව තිබියදි එය දේව්මැදුරු භුමියකට රැගෙන යන්නට වුයේ ඇයිදැයි හරියටම දන්නේ ජනපති ලේකම් කාර්යාලයේ අදාල කටයුත්ත සම්බන්ධිකරණය කළ වෛද්‍යවරයාය
රවිකුමුදේශ්ද ඒ බව හොදින්ම දන්නා බව පමණක් අප මෙහිලා අවසන් වශයෙන් සටහන් කරනු කැමත්තෙමු.
තවත් එක් දෙයක් රවිකුමුදේශ් මහතාට කිව යුතුව තිබේ,
එනම් මිපුර යනු කිසිදු අයෙකුට කඩේ යන හෝ එසේ කඩේ යවන්නට බැරි මාධ්‍ය ආයතනයක් බව රවිකුමුදේශ් වැනි අයෙකු ට තේරුම් ගැනිමට නොහැකි විම ගැන අපට ඇත්තෙ කණගාටුවකි.
කුමුදේශ් මහත්තයා එන්න මිගමුව රෝහලට ඇවිත් අහන්න පසුගිය මාස 2 ක විතර කාලය තුල මිපුර වෙබ් අඩවිය මීගමුව රෝහලත් එක්ක කටයුතු කරපු විදිය ගැන.
අපි මීගමුවේ ඩෙංගු ප්‍රශ්ණෙ ගැන වැඩකරන්න පටන් ගත්තේ කියල මීගමුව රෝහල බැලිම සදහා ජනාධිපති වරයා පැමිණිමෙන් පසු නොවන බව කුමුදේශ්ල වගේ මහත්තුරු දැනගෙන කථා කරනවා නම් වඩාත් හොදය.
මීපුර සිය මාධ්‍ය මෙහෙවර  සිදුකලේ මාධ්‍ය සංදර්ශන සදහා නොව අප එදා සිට අද දක්වා කළ අරගල සම්ප්‍රදායේම කොටසක් ලෙසය.
එබැවින් ජනපතිගේ පැමිණිමෙන් පසු ඇස් අරුණ එමෙන්ම පම්පෝරි ලියන කියන අපේ ඇතැමුන්ට අපට කියන්නට මීගමුවේ ඩෙංගු වසංගත තත්වය ගැන අපට ඇස් ඇරුනේ  එයාලට බොහෝ කලින් බව පමණක් මතක තබාගන්නා ලෙසය.