යුධ හමුදා රසායනාගාරය මීගමුව රෝහලේ දාන්න එපා කියපු වෘත්තිය සමිතිකාරයෝ කව්ද ?

0
55

Thamita 100මීගමුව රෝහල පත්ව තිබුණ අර්බුදය හමුවේ සහයට පැමිණි යුධ හමුදාව විසින් කඩිනමින් ඩෙංගු පරික්ෂාව සදහා පිහිටු වන්නට ගිය වෛද්‍ය රසායනාගාරය මීගමුව රෝහල තුල පිහිටුවාලිමට එක්තරා වෘත්තිය සමිතියක් විරෝධය පළකර තිබුණි.
මේ නිසා මිගමුව රෝහලින් පිටතට ගොස් තැනක් හොයන්නට සිදුව තිබුණි.මෙහිදි වහා ක්‍රියාත්මක වු තිල්ලන්දුව පල්ලියේ සදසිරි පියතුමා ප්‍රමුඛ මිසම් සභාව තම්ටිට පල්ලිය මේ සදහා ලබා දි තිබුණි.
මෙය ආරම්භ වි දිනක තුනක කාලය තුල රෝගින් 1000 ක ට වැඩි පිරිසක මෙසේ  සිය රුධිර පරික්ෂණ සිදුකරගෙන තිබුණි.
24 පැය සේවාවක් නොමිලේම සපයන මේ යුධ හමුදා හෙදකාර්ය මණ්ඩලයට මීගමුව රෝහලේ ඉඩ ලබානොදුන් වෘත්තිය සමිතිය ගැන වැඩිවිස්තර අප මීගමුවේ මෙන්ම රටේම ජනයාට දැනගැනිමට සලස්වන්නෙමු .