යුරෝපයේ දෙවැනි ශ්‍රීක රඟමඩල- තඔර්මිනා

0
266
වේදිකාවට පිවිසෙන පිටුපස දොරටුව
වේදිකාවට පිවිසෙන පිටුපස දොරටුව

මද්‍යධරණී මුහුදේ පිහිටා ඇති සිසිලිය දූපතේ වඩාත් ආකර්ෂනම ස්ථානය ලෙස  තඔර්මිනා නගරය හැදිවිය හැකිය. ග්‍රීක ශිෂ්ඨාචාර්ය ඉතාලියේ ප්‍රථම වරට ස්ථාපිත් වූයේ මෙම නගරය වටාය. එනම් සිසිලියේ ශ්‍රීකයින් මුල් ජනාවාස පිහිටුවේ මෙම නගරය ආසන්වය. ලෝකයේම සංචාරකයින් අතර මහත් ප්‍රසිද්ධියක් උසුලන තවර්මිනා නගරයේ වඩාත් සුවිශේෂි වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්සියේ පමණ ඉදි වූ ශ්‍රීක රඟහලයි. මුලුමනින්ම ගඩොලින් නිම කර ඇති මෙය වර්ථමානයේදී ප්‍රතිසංස්කරණය කර   සංගීත ප්‍රසංග නාට්‍ය හා ඔපෙරා පවත්වනු ලබයි. මුහුදු මට්ටමේ සිට මීටර 250 පමණ ඉහල කදු මුදුනේ මෙය පිහිටා ඇත.විශ්කම්භය මීටර 120 වන මෙම රංග පිටිය ශ්‍රීකයින් යුරෝපයේ ඉදිකල දෙවන විශාලම රඟහල වේ.රඟහලේ මුල් ආසන අතුරුදහන් වී ඇති අතර පසුව එය ප්‍රතිසංස්කරණය කර තිබේ.

වේදිකාවට පිටිපසෙන් පෙනෙන කතානියා නගරය


දිල්ශාන් ක්‍රිෂාන්ත /dchrishshantha@gmail.com