

ඉතාලියේ පිහිටි ‘එට්නා’ ගිනි කන්ද ඊයේ(18) යළි සක්‍රීය වී තිබේ.
ඉකුත් සතියේ සිට ඉන් වරින් වර දුමාරයක් නිකුත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එට්නා ගිනිකන්ද ඉතාලියේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇත.
ඉන් නිකුත් වූ දුමාරය විශාල ප්‍රදේශයක පැතිර පවතී. එබැවින් ඒ අසන්නයේ පිහිටා ඇති ‘කටානියා ‘ ගුවන් තොටුපළ ද තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබුන බව දිණමිණ අද වාර්තා කර තිබේ.
මීටර 3,350ක් උස එට්නා ගිනිකන්ද වාර්ෂිකව කිහිප වතාවක් සක්‍රීය වේ. 1992 වසරේ දී ගිනි කන්දෙන් අධික පිපිරීමක් වාර්තා විය. යුරෝපයේ වඩාත් ක්‍රියාකාරී ගිනි කන්ද ලෙස ද මෙය සැලකේ.
(ඡායාරූප අප වෙත එවා තිබුණ මෙසිනා නගරයේ මිපුර පාඨක ගාමිණි අශෝක සොහොයුරාට තුති)



