යූ හැරවුමක්, වැරැදුණු තැනක් !

0
82

යූ හැරවුමක්, වැරැදුණු තැනක් !

baranadana_3weelකුරුණෑගල – කැප්පිටිගල මාර්ගයේ, බරන්දන ප‍්‍රදේශයේදී ප‍්‍රධාන මාර්ගය හරහා අපරික්ෂාකාරී ලෙස යූ හැරවුමක් ගත් ත‍්‍රිරෝද රථයක් ඒ පසුපසින් පැමිණි ලොරියක ගැටීමෙන් ත‍්‍රිරෝද රථය පැද වූ බව කියන තරුණයෙකු බරපතල තුවාල ලබා ඊයේ (29 දා ) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

මෙලෙස අනතුරට ලක්වූයේ මීගොල්ල ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

කුරුණෑගල දෙස සිට බරන්දන දෙසට ධාවනය වෙමින් තිබූ ත‍්‍රිරෝද රථය එක්වරම යූ හැරවුමක් ගත් බවත්, එවිටම පසුපසින් පැමිණි ලොරි රථයේ ඉදිරිපස කොටසේ ගැටුණු බවත් අනතුර ඇසින් දුටුවෝ කීහ. ලොරියේ ගැටුණු ත‍්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට විසි වී ඒ අසළ පිහිටි ළදු කැලෑවකට විසි වී ගොස් තිබූ අතර ත‍්‍රිරෝද රථය පොඩිපට්ටම් වී ගොස් තිබූ අයුරු දැකගත හැකි විය. මෙම අනතුර සිදු වූ ස්ථානයේදීම පාගමනින් ගමන්කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඒ පිටුපසින් පැමිණි වෑන් රියකට යටවීමෙන් පසුගිය අගෝස්තු මස 30 වැනිදා ජීවිතක්ෂයට පත් වූහ.

මාවතගම පොලිසිය අනතුර පිළිබද පරීක්ෂණ මෙහෙයවයි.

Save