රංජන්ගේ ගම්පහ දේශපාලන ආගමනය නිසා කාවින්දලා ,ලංසලා නන්නත්තාර වෙයිද ?

0
61

රංජන්ගේ දේශපාලන ආගමනය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ටෙලිපොන් ,ගෑස් සිලින්ඩර් දේශපාලකයන් බහුතරයක් අර්බුදයක හෙළා ඇතැයි විවිධ දේශපාලන කව වල මේ දිනවල සාකච්ජාවට ලක්වෙමින් තිබේ.

විශේෂයෙන්ම රංජන්ගේ ගම වු කොච්චිකඩේ අයත් වන මිගමුව ආසනයේ දේශපාලකයන් දෙදෙනෙකු ඉතා පැහැදිලි ලෙස නන්නත්තාර විමට නියමිතව ඇත.

සජබ නියෝජනය කරමින් මිගමුවෙන් තරගවදින වෛද්‍ය කාවින්ද ජයවර්ධන සමඟ සිටි බහුතරයක් නාගරික මන්ත්‍රිවරුන් මේ වන ඔහු හැර ගොස් ඇතැයි ද සැලය.ඔහු වෙනුවෙන් මේ වන විට සිටින්නේ හිටපු නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකු පමණක් බවට රාවයක්ද මේ දිනවල පවති.

එමෙන්ම නිමල් ලංසා මේ වන විට විශාල මුදලක් වැයකරමින් පෝස්ටර් වර්ග රැසක් අලවමින් මැතිවරණ සටනට අවතීර්ණ වන්නට උත්සාහ ගනිමින් සිටින බව පෙනේ.

සතියකට මාධ්‍ය සාකච්ජා කිපයක් පැවැත්විමටද ලංසා කටයුතු කරමින් සිටින  බවද සැලය.

කෙසේ වෙතත් රංජන් රාමනායකගේ ගම්පහ දේශපාලන ආගමනය  නිසා ටෙලිපොන් ගැස් සිලින්ඩර් මන්ත්‍රි සිහින ගිහිලි යන්නට පටන් ගෙන තිබෙන බවක් පෙනේ.