Saturday, October 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice රංජන්ට අද නිදහස ලැබෙයිද ?

රංජන්ට අද නිදහස ලැබෙයිද ?

0
211

අධිකරණයට අපහාසකිරීමේ චෝදනා මත දැනට බන්ධනාගාරයේ පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනප්‍රිය නළු රන්ජන් රාමනායක ජනපති සමාව යටතේ අද (26) නිදහස ලැබෙනු ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි සදහන් කරන බව දැනටමත් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ..

තමන් අධිකරණයට කළ අපහාසයට වරද පිළිගෙන කණගාටුව ප්‍රකාශ කිරීමට රන්ජන් දිවුරුම් පෙත්සමක් යොමු කර ඇති අතර ඊට අනුකූලව ඔහුට සමාව ප්‍රදාන කරන ලිපියට ජනපති රනිල් අද දින අත්සන් තබනු ඇතැයිද ඒකි පුවත් වල සදහන්ය.
2021 ජනවාරි මස සිට 2025 ජනවාරි දක්වා වසර 4 කින් නිමවන්නට නියමිතව තිබූ සිරදඩුවමක් ඒ අනුව වසර එකහමාරකින් පමණ අවසන් කරනු ඇත.

 

මේවන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටින රංජන්ව  උසාවියෙන් සමාව අයැදිමත් සමගින්  අධිකරණ අමාත්‍යංශයෙන් ඔහු නිදහස් කිරීමට අදාල ලිපිය ලද වහාම නිදහස් කරන බවද බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසු බව දිවයින වෙබ් අඩවියද අද වාර්තා කර තිබුණි.

මේ අතර රංජන් රාමනායකගේ ෆේස් බුක් පිටුවේ සදහන් කර ඇත්තේ අද දවල් 12  ට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණෙන ලෙසය.

Exit mobile version