රංජන්ව හැමදාම නිදහස් කරගත්තේ සුමන්තිරන් ! හැබැයි රංජන් ඉන්නේ සුමන්තිරන්ගේ ජනතාවගේ නිදහස ගැන කථානොකරන සජිත්ලා එක්ක ?

0
110

Sumanthiran-2020.04.03( 3.20 pm ) රංජන්ව හැමදාම උසාවියේ තර්ක විතර්ක දාල  නිදහස් කරගත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ එම් .ඒ. සුමන්තිරන්. හැබැයි රංජන් ඉන්නේ සුමන්තිරන්ලාගේ ජනයාගේ නිදහස ගැන කථානොකරන දේශපාලන නායකයෝ පිරිසක් එක්ක. රංජන් ගේ දේශපාලනය තුල ජනප්‍රිය කැල්ල ඇරුනාම ප්‍රතිපත්තිමය කෑල්ලක් නැ කියල පැහැදිලිව පේන්නේ එතකොට.
මේක තමයි රංජන් දිගටම දේශපාලනය කරන්න හිතන් ඉන්නව නම් තියෙන  පැහැදිලි අභියෝගය.
මොකද දෙමළ ජනතාවට මහා බරක් වෙච්ච එයාලගේ දරුමල්ලන්ගේ ජිවිත ගැන වගක් නැතිව කටයුතු කරපු හමුදා ලොක්කන්ව පත්කරද්දි සජිත් ප්‍රේමදාස කියන්නේ මහින්දලටත් එහාට ගිහින් ඒ ලොක්කන්ව වර්ණනා කරමින් වඩාගන්න හදපු කෙනෙක්.,ranjan 3
ඒ විතරක් නෙමෙයි පොඩි දරුවොත් ඇතුළුව 8 දෙනෙක් ආමානුෂික  විදියට ඝාතනය කරපු උසාවිය වසර ගණනාවක් නඩු අහල මරණ දණ්ඩනයට නියම කරපු මිනිමරුවෙක්ව ජනාධිපති ගෝඨාභය කොරෝනා කලබල අස්සේ නිදහස් කරපුවාම සජිත් මොනවද කිව්වේ ?
අපිට  නම් මතක නැ  රංජන් මොනව හරි කිව්වද කියලවත්.
ඉතින් රංජන් සුමන්තිරන්ට ප්‍රසිද්ධියේ ස්තුති කරද්දි එයාගේ හෘද සාක්ෂියෙන් අහගන්න වෙන ලොකු ප්‍රශ්ණයක් තියෙනව .
ඒ තමයි ඇත්තටම මාව හැමදාම නිදහස් කරගත්තු සුමන්තිරන්ලාගේ ජනයාගේ නිදහස වෙනුවෙන් මම මොනවද කරල තියෙන්නේ කියල.
ඒ ප්‍රශ්ණය  රංජන් ගැඹුරින්ම කල්පනා කළ යුතුයි.
එහෙම නොකර බෝංචි මැකරල් විතරක් බෙදුවා කියල රංජන්ලට දේශපාලනයෙන් ගොඩයන්න බැ.
අනික සජිත් වගේ පොඩි මහින්ද කෙනෙක් නායකයා වෙච්ච පක්ෂයක් රංජන් තෝරාගැනිම විසින් එයාගේ දේශපාලනයේ සිමාව ලකුණු කරල ඉවරයි කියලත් හිතෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here