රක්ෂිතයක් ටෙන්ඩර් කළ ලංකාවේ එකම නගර සභාව

0
67

sara-kade-1මීගමුව මහනගර සභාව යනු කාරණා කිපයකින්ම ලංකාවේ පලමු තැනට පත්ව ඇති නගර සභාවකි.ඒ දරුණු ගනයේ හොරකම් මේ තුල ක්‍රියාත්මකව ඇති නිසාය.  පසුගිය මහසභාවේදි දරුණු ගනයේ හොරකමක් හෙළිකරමින් මීගමුව එජාප සංවිධායක නාගරික මන්ත්‍රි රොයිස් විජිත කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඇල රක්ෂිතයක් මීගමුවේ දේශපාලකයෙකුගේ පුතකු හට කුණූ කොල්ලයට විකුණා දමාඇති බවයි.
මෙහි පළමු වැරැද්ද වනුයේ රක්ෂිතයක් නගර සභාව විසින් ටෙන්ඩර් කිරිමය. දෙවන වැරැද්ද වනුයේ කලින් කලින් ලක්ෂ 46 කට ජයග්‍රාහි ටෙන්ඩර්කරුවෙකු හට හිමිවු මෙම කඩය එම ටෙන්ඩර් ලයිස්තුවේම ලක්ෂ 36 මුදලකට ඉල්ලුම්කර තිබුන පුද්ගලයාට පසුව ලක්ෂ 5කට ලබාදිමට කටයුතු කර තිබිමයි.
මේසා හාස්කමක් සිදුකර තිබුනේ මීගමුවේ ආසන සංවිධායක ඇමති සරත් ගුණරත්නගේ පුතා වෙනුවෙන් මේ කඩය ලක්ෂ 5 කට ලබා දිම සදහාය.