රජයේ නිරෝධායන වැඩපිළිවෙල අර්බුදයක ? බිලි බෝයි හමුදාපතිද ?

0
59

හමදු පතිකොරෝනා වෛරසය ජනතාවට පැතිරී යාම පාලනය කිරීම සඳහා කටයුතු කරන්නේ රටක් වශයෙන් අපෙගේ ජනතාව ආරක්ෂා කර ගැනීමට බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශක් සිදු කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පවසා තිබේ.

“ශ්‍රී ලංකා රජය විසින් මීට දින දෙකකට ඉහතදී දැනුම් දීමක් කර තිබුනා ශ්‍රී ලංකාවට කොරියාවෙන්, ඉතාලියෙන් සහ ඉරානයෙන් පැමිණෙන සියළුම ශ්‍රී ලංකිකයින්  සහ මගීන් නිරෝධායනයකට ලක් කරනවා කියලා දින 14ක ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකාවට කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි  ශ්‍රී ලාංකිකයින් මෙසේ නිරෝධාවන මධ්‍යස්ථාන දෙකකට මඩකලපුව ප්‍රදේශයේ පිහිටි පුනානී නිරෝධාන මධ්‍යස්ථානයටත්, ඒ වගේ කන්දනාඩු හි පිහිටි මාධ්‍යස්ථානයටත් ඔවුන්ව යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා.

මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගීන් 24 දෙනෙකු  එම නිරෝධායන මධ්‍යස්ථාන වෙක රැගෙන එනු ලැබුවා.

සෙසු අයවළුන් බස් මගින් මෙම ස්ථාන දෙක දක්වා අපි රැගෙන එනු ලැබුවා. මේ දේ කරන්න රජය බලාපොරොත්තු වුණේ විශේෂයෙන්ම ලංකාවේ ජීවත් වන අනිකුත් ජනතාවට මෙම වෛරසය පැමිණීමෙන් වැළැක්වීම වන අතර දැන් මෙහි පැමිණෙන අයවළුන් හට වෛරසයක් තිබෙන බවට කිසිසේත් අප පිළිගන්නේ නැහැ.

නමුත් මේ නිරෝධායන කටයතු කරනු ලබන්නේ රටක් වශයෙන් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීමට. එම නිසා එය තේරුම් ගනී කියලා අපි බලාපොරාත්තු වෙනවා.

ඒත් එක්කම විශේෂයෙන් අපි දුටුවා මීට ඉහතදී යම් යම් විරෝධතාවයක් ඇති වුණා, සමහර ප්‍රදේශවලට එන්න එපැයි කියලා. අද උදෑසනත් පූනානි ප්‍රදේශයේ  පැමිණියා විරෝධතාවයක් නමුත් පැහැදිලි කරලා දුන්නට පස්සසේ ඒක බොහොම සුහදව පිළිඅරන් ඒ විරෝධතාවය නැති වුණා.

ලංකාවට පැමිණි අයවළුන් තේරුම් ගන්න ඕනේ අපි දවස් දෙකක් වැනි කෙටි කාලයකින් තමයි මේ නිරෝධාවන මධ්‍යස්තාන දෙක පිහිටුවේ. මේ වගේ ඕනෑ තරම් අවඩුපාඩුකම් තියෙන්න පුළුවන්, නමුත් ඔබට අපි දියහැකි උපරිමය ලබා දීමට කටයුතු කරනවා.

එහෙම අඩුපාඩුවක් තිබෙනව නම් මේ අවස්තාවේදී  මේක තේරුම් ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි දැක්කා උදෑසනත් සමහර අවස්ථාවලදී බස් ඉල්ලුවාමත් සමහර පුද්ගලයින් කැමති වුණේ නෑ. බස් එම ස්ථානයට රැගෙන අවිල්ලා එම මගීන් රැගෙන යන්නවත්, නමුත් හැන්දැවෙද්දි එම තත්ත්වය මඟහැරී ගියා.

ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවාසී ජවනතාවත් ඒ වගේම  විශේෂයෙන්ම එහෙන් එන අයවළුනුත් මේ සම්බන්ධව තේරූම් අරන් අපිත් එක්ක සහයෝගයෙන් මේ සම්බන්ධව කටයුතු කරයි කියලා.“
හමුදාපතිවරයාට එසේ කියන්නට සිදුව ඇත්තේ රජය විසින් මේ කටයුත්තට ප්‍රධාන ප්‍රමුඛතාවයක් දි විධිමත් ලෙසින් අදාල කටයුතු සංවිධානය කිරිමට මැදිහත්විමක් කර නොමැති නිසා බව ඉතා පැහැදිලිය.itn news
රු7500 ක් අය කිරිම රජය ගත් තීන්දුවකි. එහෙත් එයට දැවැන්ත විරෝධයක් එල්ල වි විට හමුදාපතිට කියන්න සිදුවුයේ අපි අනේ එහෙම අයකරන්නේ නැ යැයි කියාය.
රජයේ කිසිදු වගකිවයුත්තෙක් ඒ ගැන ප්‍රකාශයක් කළ බවක් පෙනෙන්නට තිබුනේ නැත.
දැන් පහසුකම් පිළිබදව ගැටලුවය.
නිරෝධායනය සදහා පිරිස් පැමිණෙන බවත් එයට සුදානම් විය යුතු බවත් හදිස්සියේ පැන නැගුන කරුණක් නොවේ.එයට ඉතා පැහැදිලි ලෙසින් රජය කල් ඇතිව සුදානම් විය යුතුව තිබුණි.
එහෙත් එය එසේ වුයේ නැත.මේ නිසි යළිත් වරක් හමුදාපතිට කියන්නට සිදුව ඇත්තේ අපි මේ වැඩේ කලේ දවස් දෙකෙන් අඩුපාඩු ඇති යැයි කියාය.
සැබැවින්ම එය වගකිම් සහිත ප්‍රතිචාරයක් නොවේ. රජයක් ඔයිට වඩා මේ ප්‍රශ්ණය බරපතල ලෙසින් ගත යුතුය.
ඉතාලිය සහ දකුණු කොරියාව වැනි රටවල් වලින් සිය මව්රටට මේ අය පැමිණෙන විට ඒ අයගේ මානසිකත්වය තේරුම් ගන්නට මෙරට බළධාරින් සුදානමින් සිටි බවක් පැහැදිලි නැත.එබැවින් ගුවන්තොටුපලේ සිටම තිබුන් අවුලකි.එයට සිය විරෝධයන් ලකුණු කළ ඇතැම් ශ්‍රිලාංකිකයන්ට දැන් කිසියස් සංවිධානාත්මක පිරිමක් රජය වෙනුවෙන් පෙනි සිටිමින් සමාජ මාධ්‍ය හරහා පහරගැසිමක නිරතව සිටින බවද ඉතා පැහැදිලිව දැන් නිරික්ෂණය වෙමින් තිබේ.
රජය පැහැදිලිව මේ කටයුත්ත අරභයා දැවැන්තත ලෙසින් අසමත්ව සිටින බව නම් දැන් ඉතා පැහැදිලිය.