රජයේ නීතිඥ නිශාරාගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්

0
98
linkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේ
සමුලඝාතක  ප්‍රහාරයෙන් පීඩාවට පත් වුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගර්හාවට ලක් කොට තිබීම මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයට ලක්වෙමින් තිබේ.
මේ අතර නීතිඥයින් කණ්ඩායමක් විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ඊයේ (17)  දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අවධාරණය කර ඇත්තේ, පසුගිය 15වනදා වැලිසර අධිකරණයෙහි මහර සිරකරු ඝාතනය පිළිබද නඩු විභාගය අවස්ථාවෙහිදී NGO කාරයින්ට ඕනෑ විදිහට නඩු කළ නොහැකි” යැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න විවෘත අධිකරණයේදී කරන ලද ප්‍රකාශය නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම කෙළෙසීමක් බවයි.
ලිපියක් මාර්ගයෙන් මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ, මහර හිරගෙදර ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කන්ඩායම වූ සේනක පෙරේරා, කේ.එස් රත්නවේල් , පාලිත බණ්ඩාරනායක, අචලා සෙනවිරත්න, චූලා අධිකාරී, තම්බයියා ජේ රත්නරාජා, නාමල් රාජපක්ෂ, ලුතීෆ් සයිනුල් යන අය විසිනි.
රජයේ නීතිඥවරිය “අප පෙනී සිටින්නේ අගතියටපත් කවුරුන් වෙනුවෙන්ද යන්න ප්‍රශ්ණ කරමින් වෘත්තීය ගරුත්වයට හානිවන ලෙස කටයුතු” කරන ලද බවද  එම හැසිරීම තමන් විසින් හෙළා දකින බවද එහි දක්වා තිබේ.
රජයේ නීතිඥවරිය “අප පෙනී සිටින්නේ අගතියටපත් කවුරුන් වෙනුවෙන්ද යන්න ප්‍රශ්ණ කරමින් වෘත්තීය ගරුත්වයට හානිවන ලෙස කටයුතු” කරන ලද බවද එම හැසිරීම තමන් විසින් හෙළා දකින බවද එම ලිපියේ දක්වා තිබේ.
මෙම පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා තමන් මහත් අපහසුතාවයට පත්ව සිටින බව ප්‍රකාශ කරන එම ලිපිය ඉදිරියේදී මෙවැනි ක්‍රියා ඉදිරියට සිදු නොවීම සඳහා විධිමත් විමර්ශණයක් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටී.
විනිදිතයින්ගේ යුක්තිය පෙනී සිටින ලද සිටින ලද නීතිඥවරුන් ලෙස තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කඩකරමින් ක්‍රියා කිරීම දැඩි ලෙස හෙළා දකින බවද එම ලිපිය සඳහන් කරයි.

theleader.lk

එම ලිපිය පහත දැක්වේ:

1235s1245s