රජයේ පාසැලකට පැමිණ එහි විදුහල්පතිවරයාට තර්ජනය කළ පියතුමා ගැන බලධාරින් නිහඩ ඇයි ?

0
64

5වැලිහේන දමිල පාසැලේ විදුහල්පතිවරයා හමුවිමට පැමිණ ප්‍රදේශයේ පල්ලියක අමිල ගොමස් නැමැති පියතුමා විසින් එහි පරිපාලනයට අදාල ප්‍රශ්ණ ගැන අනවශ්‍ය ඇගිලි ගැසිමක් සිදුකරමින් එහි විදුහල්පතිවරයාට බැනවැදි තර්ජනය කිරිමේ සිදුවිමක් ගැන අප මීපුර වෙබ් අඩවිය විසින් හෙළිදරව් කළෙමු.
එමෙන්ම අප එහිදි මතු කරන්නට යෙදුනේ රජයේ පාසැල්වල පරිපාලනයට බලපෑම් කිරිමට ප්‍රදේශයේ කිසිදු ආගමික නායකයෙකුට නොහැකි බව අවධාරණය කරමිනි.තතු එසේ වුවද අමිල ගොමස් නැමති පියතුමා පාසැලට පැමිණ සිදුකරන්නට යෙදුන විවිධ බලපෑම් සහ වක්‍රආකාරයෙන් සිදුකර ඇති තර්ජනයන් ගැන වු හඩ පටයද අප සතුය.
මේ ගැන දැනුවත්ව සිටින මීගමුව කලාපයේ අධ්‍යාපන බලධාරින් අදටත් මේ ගැන නිසි පියවරයක් ගැනිමට මැලිකමක් දක්වන්නේ නම් එහිදි යහපාලනය මීගමුව අධ්‍යාපන ක්ෂේත්‍රයට කැදවාගෙන එන්නට ඒ අයට කිසිදිනක නොහැකි වනු ඇත.