රජයේ සහන යෝජනාවට මීගමුවේ ධීවර විරෝධය ඇවිලේ……….

0
64

කොළඹ ධීවර අමාත්‍යංශයේ අද පැවැති සාකච්ඡා වලදි රජය විසින් යෝජනා කර තිබෙන භූමිතෙල් සදහා රු 25 ක සහනයද ඩීසල් සදහා රු12 සහනයද ප්‍රතික්ෂේප කරන මීගමුවේ ධීවරයෝ සිය විරෝධය පළ කිරිමට මේ මෙහොත වන විට වැල්ලවිදිය දේවස්ථානය කරා එමින් සිටින බව වාර්තා වේ. මේ අතර අද උදෑසන සිට වැල්ලවිදිය පල්ලියට එක්රැස්ව සිටින ධීවර ජනතාව සිය විරෝධය පළ කරනු වස් ජනාධිපතිවරයාගේ අනුරුවට සමාන  පඹයෙක්ද නිර්මාණය කර තිබුණි.