රජය අසමත් !රට විශාල ආර්ථික පසුබෑමක – ටිල්වින් සිල්වා(විඩියෝ)

0
364
ඉතියෝපියාව අභ්‍යවකාශයට යානා යවද්දි ලංකාව කාලි මැණියන් සොයා යන බව ඊයේ මිගමුවේදි පැවැති ජාතික ජනබලවේගයේ සම්මන්ත්‍රණයක් ජවිපේ ලේක ටිල්වින් සිල්වා අවධාරණය කර සිටියේය.
මෙම සම්මන්ත්‍රණය ඊයේ පස්වරුවේ මිගමුව ජම්බෝ ගාර්ඩන් උත්සව ශාලාවේදි පැවැත්විණි.
‘ආණ්ඩුවට අවුරුද්දයි . රට කොයිබටද ? ‘යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණයේදි වැඩිදුරටත් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා අවධාරණය කර සිටියේ රට පත්ව ඇති ආර්ථික පරිහානිය පිළිබදවය.
1948 සිට 1950 දක්වා කාලය තුළ අපේ රට ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය බවත් ලංකාව එකල ජපානයට පමණක් දෙවෙනි වු බව කියා සිටියේය

1950 වන විට ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 90 ක් වෙද්දි මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 89 ක් බවත් සිංගප්පූරුව, ඉන්දියාව සහ මැලේසියාව පවා සිටියේ ලංකාවට පසුපසින්ය

පසුගිය වසර 73 ක කාලය තුළ පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කන්ඩායම් සහ පවුල් පාලනය හේතුවෙන් අපේ රට මේ වන විට ආර්ථික පසුබෑමකට ලක්ව සිටි.