රටක ප්‍රතිරෑපය වනසන DUTY FREE පේව්මන්ට්කාරයෝ

0
250

FB_IMG_1563346255497ඕනම රටකට එයාර්පෝට් එකෙන් ඇතුල්වෙනකොට Duty Free ෂොප් තියෙනවා නේ. රටට ඇතුලු වෙන පුද්ගලයාට පළමුව මුණගැහෙන්නෙ මේ ෂොප් වල ඉන්න අය තමයි.

ලංකාවෙත් ඔය වගේ එයාර්පෝට් එකේ තියෙන Duty Free ෂොප් වල ඉන්න පේව්මන්ට්කාරයො රටේ ප්‍රතිරෑපය ඉතාම අශීලාචාර විදියට වනසනවා.

සමාන්‍යයෙන් මැදපෙරදිග, යුරෝපයේ රටවලට ඇතුලුවෙනකොට තියෙන ඔය වගේ ෂොප් වල ඉන්න අය තමන්ගෙ පාඩුවෙ කස්ටමර් එනකන් බලාගෙන හිටියට අපේ ලංකාවෙදී ඔය ෂොප් ළඟින් යනකොට අතින් ඇදගෙන යනවා බඩු ගන්න කියලා. වෙන රටකදී නම් තමන්ගෙ ළඟින් යන පාරිභෝගිකයාට සුන්දර සිනහවකින් සංග්‍රහ කරන ඔවුන් ඉතා ගරුසරුව ඔවුන්ට තමන්ගේ රට පිළිබඳ චිත්‍රයක් මවා දුන්නත් ලංකාවෙදී අපිට අත්විඳින්න වෙන්නෙ යක්කු සිටින විමානයකට පා තැබුවාක් මෙනි.

පාරිභෝගිකයාට කිසිම නිදහසක් නැති, තමන්ගෙ හිතට හරියන විදියට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට අවසර නැති ලංකාවෙ ඔය ෂොප්වල බලු කපුටෙක් නෑ. උන් වේලෙනවා. වේලීමේ වේදනාව විසින් උන් කරන්නෙ ඒ වටපිටාවෙ ඇවිදගෙන යන මිනිස්සු ඉතා කුරිරු ලෙස ඩැහැගැනීම සඳහා පස්සෙන් එලවනවා, අපෙන් බඩු ගන්න එන්න කියලා.

ඇත්තටම අවශ්‍ය දෙයක් ගන්න වුවමනාවෙන් ගන්න යන කෙනා උනත් එතනදි හැරිලා එනවා මොකද ඒක මහා කරදරයක්, හරිම පිළිකුල්සහගත තත්ත්වයක්. විශේෂයෙන් විදේශිකයො ඕවට කැමති නෑ. අනික ඔතන තියෙන භාණ්ඩ කිසිම විශ්වාසයක් නැති ඒව වෙන්න පුළුවන්. මොකද ඔය තරමට පාරිභෝගිකයාට වද දීලා විකුණගන්න හදන එකත් සහ කිසිම මනුෂ්‍යයෙක් ඔය ෂොප් වල නැති එකත් නිසා.

මම මේ අත්දැකීම් බෙදා ගන්න හිතුවෙ අපි කිසිවෙකු, අන් කිසිවෙකුගේ බලපෑමට හෝ යටිමඩි ගැසීමට හසු විය යුතු නොවන නිසා. ඔබ විදේශගතව ලංකාවට එන්නේ නම් කිසිම අයුරකින් ලංකාවේ ඔය Duty Free ෂොප් වලින් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමක් කරන්න යන්න එපා. අවශ්‍ය භාණ්ඩ ඔබ එන රටේ Duty Free ෂොප් එකකින් අරගෙන එන්න.

ඒ වගේම තමයි ටැක්සි සඳහා ඉන්න කපුටො ටික. ඒ නිසා ගුවන්තොටුපලෙන් ටැක්සි ගැනීමෙන් වැලකී ඔබේ නිවැසියන්ට හෝ ඇප් එකක් හරහා ටැක්සියක් බුක් කිරීමට අමතක නොකරන්න.

අපිට බෑ විනයක්, ශීලාචාරකමක් නැති රටක ඔය මිනිස්සු විතරක් විනයකින් පුරවන්න. ඒ නිසා අපි දැනුම්වත් වෙමු මේ පේව්මන්ට්කාර මංකොල්ලාකරයන්ගෙන් බේරිලා සුරක්‍ෂිත වෙන්න.

– ඉන්දික ප්‍රසාද් ගමගේ