රටගිනි තැබු රාවණා බලයේ භික්ෂුන් පෙරටු කොටගත් සමුළුවක් දයාන් ගේ සහභාගිත්වයෙන් මිගමුවේදි !

0
261

Ravana-Balaya

රාවණා බලය කැදවුම්කරු ඉත්තෑකන්ද සද්ධාතිස්ස හිමි

රාවණා බලය යනු මේ රටේ නිතියටද යටත් නැති අන්තවාදි ආකාරයෙනු හැසිරුණු සංවිධානයකි. එහි කැදවුම්කුරු ලෙසින් පෙනි සිටින්නේ  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් වු භික්ෂුවකි.
පසුගිය කාලය තුල පොලිසිටය් අණ පවා නොතකා කටයුතු කරමින් විවිධ ක්‍රියාවන් හි නිරතවු රාවණා බලය මේ රට තුල අන්තවාදය වපුරන සංවිධානයක් ලෙස ප්‍රකටය.
එහි නායක භික්ෂුන්ද සහභාගිවු මගේ රටයි කසාවතයි නම් වු සමුළුවක් මිගමුව නගරාධිපති දයාන් ලංසාගේද සහභාගිත්වයෙන් මිගමුව මහනගර සභා ශාලාවේදි  පැවැත්විණි.
සුළු ජාතින්ට එරෙහිව අන්තවාදය පෝෂණය කරනු ඇතැම් භික්ෂුන්ද ප්‍රමුඛ කොටගත් සමුලවක් මිගමුව මහනගර සභාවේ පවත්වා තිබිමයත් එයට නගරාධිපති දයාන් ලංසා සහභාගිවිමත් පිළිබදව මේ වන විට මිගමුවේ මුස්ලිම් නාගරික මන්ත්‍රිවරුන් සිය නොසතුට පළකරන්නට පටන් ගෙන ඇත.
පොහොට්ටු පාලනය මිගමුව නගරය තුල ස්ථාපිත කිරිම සදහා මුස්ලිම් මන්ත්‍රිවරුන් 4 දෙනෙකුගේ සහ දායන් ලංසා හට ලැබි තිබේ.එමෙන්ම පෙරියමුල්ලේ ජනතාවද මේ පිළිබද නොසතුට සිය මන්ත්‍රිවරුන්ට වෙත පළකොට ඇතැයිද වාර්ථා වේ.