රටපුරා දියත් කළ ගුරු වර්ජනය සාර්ථකයි, ආණ්ඩුවට රතු එළියක්

0
75

 නීති විරෝධි ලෙස රඳවා සිටින ගුරු සමිති නායකයන් ඇතුළු පිරිස නිදහස් කිරීමට බලකරමින් දියත් කළ වෘත්තිය  ක්‍රියාමාර්ගය සම්පුර්ණයෙන්ම සාර්ථක බව දැනුම් දෙන ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයෝ යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ක්‍රියාමාර්ග දැඩි කරන බවට ආණ්ඩුව ට අනතුරු අඟවා තිබේ.   ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ජුලි 12 සදුදා  ගුරු, විදුහල්පති වෘත්තිය සමිති පෙන්වා දී ඇත්තේ, අද දින  සිට දීප ව්‍යාප්තව ආරම්භ කළ මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය 100% ක් සාර්ථක බවයි.   අනීතිකව රඳවා සිටින ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිදහස් කිරීම, අධ්‍යාපන  ගැටළු සහ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය නොවිසදීමට එරෙහිව හඩ නගන ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයන් මර්දනයට විරෝධය පෑම සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එරෙහිව එම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුනි.    

                    මුලතිව් ගුවන් හමුදා කඳවුරක රඳවා සිටින ගුරු සංගම් නායකයින්         යල්වෙල පඤඤාසේකර හිමි, එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු, මහින්ද ජයසිංහ, මොහාන් පරාක්‍රම වීරසිංහ සහ  අමිල සදරුවන්  යන වෘත්තිය සමිති නායකයන්ගේ අතිසනින් යුතුව නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ඇතුළු සියලුම ප්‍රධාන පෙළේ පාසල් මෙන්ම උතුරු නැගෙනහිර ඇතුළු සියලුම ප්‍රදේශවල පාසල් මාර්ගගත ඉගැන්වීම් මේ වන විට මුළුමනින්ම නතර කර ඇති බවයි.       ආණ්ඩුව තවදුරටත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඇහුම්කන් නොදී මර්දනකාරීව කටයුතු කරන්නේ නම් තවදුරටත් වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවට වෘත්තිය සමිති නායකයෝ රජයට අනතුරු අගවා තිබේ.       ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, විදුහල්පති සේවා සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ලංකා ප්‍රගති ගුරු සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය, පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංවිධානය, ලංකා ගෘහ විද්‍යා හා කෘෂි විද්‍යා ඩිප්ලෝමා සංගමය හා ශ්‍රී ලංකා ඉස්ලාම් ගුරු සංගමය ඒකාබද්ධව මෙම නිවේදනය නිකුත් කර තිබේ.   අධ්‍යාපනය හමුදාකරණය සහ පුද්ගලීකරණයට එරෙහිව විරෝධතා පැවැත්වූ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින්  ඇතුළු පිරිසට අධිකරණය විසින් ඇප ලබා දී තිබියදීත් පොලිසිය ඔවුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් නිරෝධායනය සදහා බව පවසමින් මුලතිව් ගුවන් හමුදා කඳවුරක රඳවා සිටි.      

theleader.lk