spot_img
spot_img
Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Articles රටපුරා රෝහල්වල ඖෂධ සහ උපකරණ හිඟයක් ?

රටපුරා රෝහල්වල ඖෂධ සහ උපකරණ හිඟයක් ?

0
77
Mhoje_medicines_photo_jpg-1මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ හා උපකරණ ගෙන්වා ගැනීමේ සිට ඒවා නැවත රෝහල් කරා නිවැරදිව බෙදා හැරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ නිසි වැඩපිළිවෙලක් හා කළමණාකාරීත්වක් නොමැති කමින් මේ වන විට දිවයින පුරා රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ විශාල සංඛ්‍යාවක හිඟයක් මතුව ඇති බව වාර්තා වෙයි.

මේ බව සඳහන් කරමින් සමස්ථ ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්එස්.බී. මැදවත්ත නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මේ තත්ත්වය හමුවේ ප‍්‍රතිකාර කරා රෝහල්වලට පැමිණෙන අහිංසක රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටි. මේ තත්ත්වය සායන වලින් සහ බාහිර රෝගී අංශවලින් ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ද ඉතා දැඩිව බලපා තිබේ.

පිළිකා රෝගීන්, මානසික රෝගීන්, ස්නායු රෝගීන්, දියවැඩියා රෝගීන් සඳහා මෙන්ම සාමාන්‍ය රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවල ද දැඩි හිඟයක් ඇතිව තිබේ. මේ තත්ත්වයට ඉතා කඩිනමින් විසඳුම් ලබා නොදුණහොත්, ඉතා ඛේදනීය තත්ත්වයන්ට රෝගී ජනතාවට මුහුණ දීමට සිදු වන බව අපගේ අදහසයි. එබැවින්, ආණ්ඩුව වහාම ඇතිවී තිබෙන මෙම තත්ත්වය සමනය කිරීමට කඩිනම් පියවර ගත යුතුය.

මෙම ඖෂධ හිඟය සම්බන්ධයෙන් වැඩිමනක් තොරතුරු සමඟ සියලූ ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් 2020.02.21 දින, පෙ.ව 10.00 ට, පුංචි බොරැල්ල, උදේනි මල් ශාලාව ඉදිරිපිට, 949/4, මරදාන පාර, කොළඹ 08 ස්ථානයේ පිහිටි සමස්ත ලංකා හෙද සංගමයේ මුලස්ථානයේ දී පැවැත්වේ. ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී මහත්ම, මහත්මියක සහභාගි කරවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.